Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කියා සිටී.

මෙම අරමුදල සඳහා දේශීය ව්‍යාපාරිකයින්, විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්, විදේශීය ආයතන මේ සඳහා දායකත්වය දක්වා ඇති බවත්, මේ වන විට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 3.4ක ප්‍රමාණයක් වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 11කට අධික බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ අතුරින් විදෙස් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4.1ක් බවද ඔහු මෙහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,

විවිධ රටවල් 40කි ශ්‍රී ලංකාවට මේ ව්‍යවසනයට ශ්‍රී ලංකාවට මුදලින් ආධාර ලබා දී තිබෙනවා. ඒ අනුව වැඩිම මුදල් ප්‍රමාණය අමෙරිකා එක්සත් ජනපදය එහෙමත් උතුරු ඇමරිකාව තුළින් ලැබී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන්, ව්‍යාපාරිකයින් සහ ශ්‍රී ලංකාවට සහය දක්වන පිරිස විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.  තුන්වැනි ස්ථානයේ එංගලන්තයෙන් ලැබුණු මුදල් ඒ වගේම ජර්මනියෙන්, ඉතාලියෙන්, මාලදිවයිනෙන්, සෞදි අරාබියෙන්, ප්‍රංශයෙන්, කොරියාවෙන්, එකසත් අරාබි එමීර් රාජ්‍යයෙන් යානදී වශයෙන් ලැබිලා තියෙනවා ඒ වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාර ආයතනයන් ලබා දුන් මුදල් ප්‍රතිපාදන දෙස බලනවිට අපිට පේනවා රුපියල් මිලියන 100ට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ව්‍යාපාර ආයතන කිහිපයක්ම සිදුකර තිබෙනවා. ඒ වගේම රුපියල් මිලියන 20 - 100 අතර ප්‍රධානයන් 4ක් ව්‍යාපාරික ප්‍රජාව සහ පුරවැසියන් විසින් ලබා දී තිබෙනවා."

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...