ව්‍යසනයයේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ සහන සේවා කටයුතුවලදී නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය අති විශිෂ්ටයි -ජනපති

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW :

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 40 වෙනි බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන්, 65 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් පුහුණුවෙන් පසු විසිර යාම වෙනුවෙන් ඊයේ (13) පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.

මෙරට ඉතා ගෞරවාන්විත සහ විනයගරුක නිර්භීත හමුදාවක් වන නාවික හමුදාවට එක්වූ සියලුදෙනා වෙත ජයග්‍රාහී වෘත්තීය ජීවිතයකට එහිදී ජනාධිපතිවරයා සුබපැතුම් එක් කළේය.

ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් පෙන්වා දෙමින් සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සැලකිය යුතු බවද ජනාධිපති අනුර සඳහන් කළේය.

එමෙන්ම, ජනාධිපතිවරයා එහිදී, පසුගිය ව්‍යසනය හමුවේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ සහන සේවා කටයුතුවලදී නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය අගය කරමින්, ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ සියලු නිලධාරීන් වෙනුවෙන් ප්‍රණාමය පළ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...