මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:“දිට්වා” පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම ඌමා ඇල අමුණ ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම ඌමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමණ දායකත්වයක් ලබා දෙන අතර මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝය. එමෙන්ම මෙහි ජලයෙන් ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව හානියට පත්වු ඌමාඇල අමුණ ප්‍රතිසංස්කරණ කිරිම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශීය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මහා පරිශ්‍රමයකින් යුතුව එම කටයුතු සිදු කරමින් හැකි ඉක්මනින් ගොවි ජනතාව වෙත දියවර මුදා හැරිමට කටයුතු සිදු කරමින් තිබේ.

මේ අතර පස්සර-ඇල්ල මාර්ගයේ මාඋස්සාගොල්ලේ බේලි පාලම් ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබේ.

​පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ පස්සර – ඇල්ල මාර්ගයේ මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පිහිටි පාලම වෙනුවට බේලි පාලමක් (Bailey Bridge) ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් ඇත.

මෙම මාර්ගය දේශීය හා විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් භාවිතා කරන ප්‍රධාන මාර්ගයක් වන අතර පාලම හානිවීම නිසා වාහන ගමනාගමනය අවහිර විය.

කඩිනම් මෙහෙයුමකින් මෙම බේලි පාලම ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ සංචාරක සහ පොදු ප්‍රවාහන කටයුතු සඳහා මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...