අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර සමඟ අදත් මෙරටට ආ පාකිස්තානු ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

සුළි කුණාටුවෙන් අසරන වූ ජනතාවට ලබා දීමට, පාකිස්තාන රජය විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය අධාර අන්තර්ගත බහාලුම් තොගයක් විශේෂ නෞකාවක් මඟින් ශ්‍රී ලංකා වරායට ගෙන එනු ලැබූ අතර, එම ආධාර තොගය අද (15) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් ෆාහීම් උල් අසීස් මහතා විසින් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම මානුෂීය ආධාර අතර අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්, කිරිපිටි සහ ප්‍රතිශක්ති වර්ධක ආහාර වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු බවත්, කූඩාරම්, බ්ලැන්කට්, මදුරු දැල් , ඇඳ ඇතිරිලි , ජල පොම්ප සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් මෙන්ම විදුලිය නොමැති කඳවුරුවල හා නිවෙස්වල අවතැන් වී සිටින, ආපදාවට ලක්ව ඇති ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ආලෝක පහන් තොගයක් ද මෙම මානුෂීය ආධාර අතරට අයත් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...