හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

Date:

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ ජීප් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොමැති බවත් එහි දෝෂයක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව එම තිරිංග පද්ධතියේ දෝෂය සැකසීම සඳහා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අශෝක රන්වල මහතාට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේවෙතත් අශෝක රන්වල මහතා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඔහුගේ රුධිර සාම්පල රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය පසුගිය 11 වනදා රාත්‍රියේ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර එම මෝටර් රථයේ ගමන් ගත් මාස 7ක් වයසැති බිළිඳියක්, ඇගේ මව සහ මිත්තණිය එහිදී තුවාල ලැබූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...