යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉකුත් දා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදීද සාකච්ඡාවට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල මූලස්ථානයේ පැවති විවාදයකදී එක්සත් ජාතින්ගෙ ඕස්ට්‍රේලියානු තානාපති ජේම්ස් ලාර්සන් පවසා ඇත්තේ යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් බවයි.

ඕස්ට්‍රේලියාවේ හෝ ලොව කොතනකවත් එවැනි පහත් යුදෙව් විරෝධයට තැනක් නොමැති බවට ඔහු පවසා තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළතීරයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල්ගත කෙරුණ අතර, ඒ අතරින් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි..

යුදෙව් ප්‍රජාවගේ හනුක්කා නමැති උත්සවයක් ඉලක්ක කර 50 හැවිරිදි සහ 24 හැවිරිදි පියෙකු සහ පුතෙකු විසින් එම විවෘත වෙඩි ප්‍රහාර මාලාව එල්ල කර තිබුණි.

මේ අතර එම වෙඩි තැබීම යුදෙව් විරෝධී ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් පවසා ඇත.

එම ප්‍රහාරය කිසියම් දෘෂ්ටිවාදයකින් පෙළඹී සිදු කරන ලද ප්‍රහාරයක් ලෙසටද ඔහු හඳුන්වා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...