යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉකුත් දා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදීද සාකච්ඡාවට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල මූලස්ථානයේ පැවති විවාදයකදී එක්සත් ජාතින්ගෙ ඕස්ට්‍රේලියානු තානාපති ජේම්ස් ලාර්සන් පවසා ඇත්තේ යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් බවයි.

ඕස්ට්‍රේලියාවේ හෝ ලොව කොතනකවත් එවැනි පහත් යුදෙව් විරෝධයට තැනක් නොමැති බවට ඔහු පවසා තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළතීරයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල්ගත කෙරුණ අතර, ඒ අතරින් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි..

යුදෙව් ප්‍රජාවගේ හනුක්කා නමැති උත්සවයක් ඉලක්ක කර 50 හැවිරිදි සහ 24 හැවිරිදි පියෙකු සහ පුතෙකු විසින් එම විවෘත වෙඩි ප්‍රහාර මාලාව එල්ල කර තිබුණි.

මේ අතර එම වෙඩි තැබීම යුදෙව් විරෝධී ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් පවසා ඇත.

එම ප්‍රහාරය කිසියම් දෘෂ්ටිවාදයකින් පෙළඹී සිදු කරන ලද ප්‍රහාරයක් ලෙසටද ඔහු හඳුන්වා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...