ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී නිවෙස් පිරිසිදු කරගැනීම සඳහා මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ
අනෙකුත් වන්දි ලබා දීම සඳහා රජයේ නිලධාරීන් මේ වන විට තක්සේරු කරමින් පවතින බවද අමාත්‍යවරයා කියාසිටියේය.
ඒ අනුව ආපදාවට පත් පිරිස අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ 73.4%කට, රත්නපුර 68.39%, මාතලේ 65.28%කට අනුරාධපුර 70.05%කට කුරුණෑගල 61.42%කට ආදී ලෙස වන්දි මේ වන විටත් ලබා දී අවසන් කර තිබේ.
ඇතැම් දිස්ත්‍රික්කවල මෙම වන්දි ලබා දීමේදී 50%කට වඩා අඩු අගයක් ගෙන ඇත.
මේ තත්ත්වය කඩිනම් කිරීම සඳහා නිලධාරීන් මේ වන විට මැදිහත් වීම් සිදුකරන බවත් එමෙන්ම මේ සම්බන්ධව ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“මේ ආපදාවෙන් ලක්ෂ 22කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයින් ආපදාවට ලක්වුණා. ඒක තමයි ආපදාවෙන් වාර්තා වුණු වැඩිම ආපදාවට පත් පුද්ගලයින් ප්‍රමාණය. දැන් රජයේ නිලධාරීන් මේ එක් එක් අයට ලබා දිය යුතු වන්දි පිළිබඳව සමහර ඒවා තක්සේරු කරමින් පවතිනවා. සමහර ඒවා ලබා දෙමින් පවතිනවා. මේ රුපියල් 25,000 ලබා දීම ඊයේ දිනය වන විට 50%කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙන්න පුලුවන් උදාහරණයක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ පස්වරු 4 වන විට 73.4%කට මේ රුපියල් 25,000 වන්දි මුදල ලබා දීලා තිබුණා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ 68.39%කට මාතලේ දිස්ත්‍රික්කයේ 65.28%කට අනුරාධපුර දිස්ත්‍රික්කයේ 70.05%කට කුරුණෑගල දිස්ත්‍රික්කයේ 61.42%කට ආදී ලෙස වන්දි මුදල් ලබා දීලා තිබුණා.සමහර දිස්ත්‍රික්කවල තාමත් මේක 50%කට වඩා අඩුයි. මේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා තමයි අපි මැදිහත් වෙමින් ඉන්නේ. මේ සහන කටයුතු වේගවත් කිරීම සඳහා සහ ඒ අඩුපාඩුකම් සාකච්ඡා කිරීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක පැවැත්වෙනවා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
