ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

LB Finance PLC සිය කලාපීය සේවා පුළුල් කිරීමේ නවතම පියවර සනිටුහන් කරමින් තම පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් පිලිපීනයේ පිහිටුවීම සඳහා කටයුතු කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිව හිමි වී ඇති බවයි එම සමාගම නිවේදනය කර ඇත්තේ.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් LB Finance සමාගම පවසන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් 2025 දෙසැම්බර් 11 වන දින LB Finance Philippines Inc නමින් අනුබද්ධිත සමාගමක් පිහිටුවීමට මෙලෙස අනුමැතිය ලබා දුන් බවයි.

මෙම LB Finance Philippines Inc නම් නව සමාගම ඇමරිකානු ඩොලර් 650,000 ක මූලික ආයෝජනයකින් ස්ථාපිත කෙරෙන අතර ප්‍රධාන වශයෙන් පිලිපීනය තුළ සිය මූල්‍ය සේවා සැපයීම් සිදු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...