නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW:

ජස්වර් උමාර් පාපන්දු සම්මේලන සභාපතිවරයා ලෙස ඔලිම්පික් නිලවරණය දෙසැම්බර් 27 වන දිනට නොපවත්වන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි.විශේෂ මාධය හමුවක් පවත්වමින් ජස්වර් උමාර් පෙන්වා දෙන්නේ ඔලිම්පික් නිලවරණය කල් දමමින් වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් අනීතික ලෙස තමන්ගේ බලය තහවුරු කර ගනිමින් සිටින බවය.


මේ වන විට විදෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.පසුගිය කාලයේ ඇති වූ තත්ත්වයන් මත ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරු ක්‍රීඩා පණතට අනුව අමාත්‍යවරයාට ඇති බලතල ද යොදාගෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එකඟතාවය අනුව වෙනස් කිරිමට සහ ඉවත් කිරීමට සිඳු වූ බව පෙන්වා දෙන ඔලිම්පික් කමිටු සභාපතිවරයා ඒ අනුව මේ වන විට දීර්ඝ වෝහාරික ගිණුම් පරික්ෂාවක් ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් සිඳුවෙමින් පවතින බව පෙන්වා දෙයි.එම ගිනුම් පරීක්ෂණය නිමා වෙන තෙක් නිලවරණය පැවත්වීම සිඳු නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේද අනුදැණුම මත බව පෙන්වා දෙයි.ඒ නිසා ජස්වර් උමාර් නඩු මඟට බැසිය යුත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇති ස්විට්සර්ලන්තයේ මිස ශ්‍රී ලංකාවේ නොවන බව පෙන්වා දෙන සුරේෂ්, ජස්වර් උමාර් නඩු පවරන්න බලාපොරොත්තු වන්නේ මින් කුමන රටකද යන්න ප්‍රශ්න කර සිටිියි.


ජස්වර් උමාර් පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පණතෙන් නියම වී ඇති දින වකවානු ඉක්මවා සුරේෂ් සුබ්‍රමනියම්ට ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා ලෙස ක්‍රියා කරන්නට නොහැකි බවය.රටේ නීතිය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ අතර ගැටුමක් මේ මොහොත වන විට උද්ගතව තිබෙන බව පැහැදිළිය.ඒ නිසා මේ තත්ත්වය අධිකරණයෙන් මෙපිට නිරාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් විය යුතුව ඇත යන්න අපේ නිගමනය වන්නේ මෙම තත්ත්වය ඇති වීමට මූලික වූ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඉවත්කිරීම වැනි කරුණුත්,එහි නිලතල දැරූ ඉවත් කිරීමට කටයුතු කිරීමත් ක්‍රීඩා අමාත්‍යවරයාද දැනුවත්ව ඔහුගේ ද ආශිර්වාදය ඇතුව සිඳු වූ දේ බැවිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...