නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW:
ශ්‍රී ලංකාවට තවමත් නිල මලල ක්‍රීඩා සංගමයක් නැත.එහෙත් මලල ක්‍රීඩාවට ආදරේ අයට මේ වන විටත් සිතන්නට 2028 වසර ආශ්‍රීතව උපන් ඔලිම්පික් සිහින ඇත.ඒ සිහින දැකීම යථාර්තයක් වීමේ ලාංකේය ප්රාර්ථනයට පන දෙන්නනම් මලල ක්‍රීඩා සංගමය සම්බන්ධ අර්බූදය විසඳීමට නොපමාව කටයුතු කළ යුතුය.මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් යාම සහ එහිදී එවකට සිටිය මීටර් 400 ලෝක සූරයා පරාජය කිරිම ප්‍රධාන කර ගනිමින් මේ රටේ සෑම මිනිසෙකු තුළම වීර පෞරෂයක් ගොඩ නඟා ගත් සුගත් තිලකරත්න මේ අවශ්යයතාවය තේරුම් ගැනීම වැදගත්ය.පරිපාලනමය වශයෙන් ද මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරය ද දරා ඇති සුගත් මේ ගමණට අත්වැලක් වෙන්නට කණවැල අල්ලන අමාත්‍යංශයකට නොහැකි බව හොඳන් දත යුතුය.අමාත්‍යවරයා නොවුණත්,නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ ගැටළුව විසදීමට ඔහුගේ දායකත්වය මීට වඩා රජය ඇතුළෙන්ම හෝ එළියට පැමිණීම වැදගත්ය.
මේ වන විටත් 2028 වසරට අදාළව මලල ක්‍රීඩා කාල සටහන නිකුත් වී අවසන්ය.එහි සංඥාව ලෝකයේ මලල ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට තරග ආරම්භක සංඡාව ලැබී ඇති බවය.2028 ජූලි 15 සිට ජූලි 30 දක්වා වන මලල ක්‍රීඩා තරග ඉලක්ක කරගෙන බොහෝ රටවල් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව අවසන් තේරිම පවා තීරණය කරමින් මෙහෙයවීම මේ වන විට සැළසුම් කර තිබෙන බව සහතිකය.
මලල ක්‍රීඩාවට ඔලිම්පික් උළෙලේ හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. 1896 අප්‍රේල් 6 වන දින පැනතෙනයික් ක්‍රීඩාංගනයේ ආරම්භක දිනයේ පැවති පිරිමි මීටර් 100 ඉසව්වෙන් නූතණ ඔලිම්පික් උළෙල ආරම්භ වී තිබීමම මීට හොඳ උදාහරණයකි.
ග්‍රීක ශිෂ්ඨාචාරයේ ඔලිම්පික් පැවත්වුණේ සියුස් දෙවියන්ට ආචාර සමාචාර දක්වන පුරවැසියාගේ කාය බලය විදහා පෙන්වන උළෙලක් හැටියටය.තරග කරුවන් තරග වැදී ඇත්තේ නිරුවතින්ය.ඒ දේව වන්දනාව වෙනුවෙන් කළ දෙයක් විය යුතුය.ජවය සහ ශක්තිය නිරුවතින් ප්‍රදර්ශනය කරමින් කෙරුණු ආගමික පූජාවක් බඳු මෙම ක්‍රීඩා උළෙල මිත්‍යා දෘශ්ඨික ඉසව්වක් බව තිරණය කළ ක්‍රි.ව. 393 දී රෝම අධිරාජ්‍යයා වන තියඩෝසියස් I විසින් නවතා දැමූ බව ඉතිහාසය විසින් පෙන්වා දෙන්නේය.
නැවත පියරේ ද කුබටීන් ඔලිම්පික් සංකල්පය නවීනත්වය සමඟ මුසු කර ක්‍රීඩාවට ආලෝකයක් එකතු කරමින් ගෙන එමින් 1896 සිට ක්රීයාත්මක වෙමින් පවතින්නේය.එය දේශ සීමා ආක්‍රමණය කරමින් එක එක රටට සත්කාරකත්වය පිදෙන වැඩ පිළිවෙලකට යටත් කරමින්ය.රට සත්කාරකයා පමණක් වන අතර එහි දේශපාලන පරමාර්ථ සහ අභිමතාර්ත ඔලිම්පික් සංකල්ප සමඟ කලවම් කරන්නට නූතණ ඔලිම්පික් සංවිධානය තුළ ඉඩ නැත.
රටක ක්‍රීඩාව පාලනය කරන දේශපාලන නායකත්වයකට ඔලිම්පික් පරිපාලනයට බලපෑම් කළ හැකිනම් ඒ ඔලිම්පික් ප්රඥප්තිය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේන් එරට ක්‍රීඩාවට සිඳුවන හානිය සළකා වන අතර එය ද ඉතා සීරුවට කළ යුතුව ඇත.මේ තත්ත්වය ඔලිම්පික් ක්‍රීඩාවන් ලෙස පවතින සෑම ක්‍රීඩාවකටම අදාළ අනන්‍යතාවයක් වන බැවින් දේශපාලකයා ජාත්‍යන්තරව ක්‍රීඩාව සම්බන්ධ වන එකඟතාවයන් සඳහා බඳවා ගෙන ස්වීය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රීඩාවට එඹීම සීමා කරන්නට මේ ක්‍රියාවලිය සමත් වී ඇත.ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුටුවල වෙනස්කම් ඇති වූයේද ඒ අනුව මිස ඇමතිවරයාට අවශ්‍යය පරිදි එහි නිලධාරීන් ඉවත් කිරීමකින් නොවන බව අවබෝධ කරගෙන සිටීම අමාත්‍යවරයාටද වැදගත්ය.මේ වන විටත් අමාත්‍යවරයා විසින් තමන්ගේ බලයට සීමා වන කොටස්වල ගනු ලැබූ ඇතැම් තීරණ ද මේ මොහොතේ නොවුණ ද ඉදිරි දිනයක හරි අභියෝගයට ලක්විය හැකි මට්ටමක පවතින අතර මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති වූ ව්‍යාකූලත්වය සහ එයට පරිපාලනයක් නොමැතිවීමටත් එම තීරණවල හේතු ඇත.
කෙසේ වුව අද වන විට ක්‍රීඩකයාට දක්ෂතාවය පමණක් ඔලිම්පික් නියෝජනයට ප්‍රමානවත්ය.ඒ නිසා හරි භාහිර වැඩ පිළිවෙලකින් ක්‍රීඩකයාව මෙහෙයවනවානම් එම දක්ෂතාවයට තරග කරන්නට ඔලිම්පික් ධජයේ සෙවණ ලබා ගැනීමට ක්‍රීඩකයා සමත් වන්නේය.කලෙක පටන් රුසියාවේ තරගකරුවන් ඔලිම්පික් එන්නේ ද එසේමය.එම රටේ දැවන්ත දේශපාලනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අදාළ නැති අතර ඔලිම්පික් ධජය යටතේ තරග වදින රටවල් සිය රටවල්වල න්‍යාය පත්‍ර,බලය ආදී කරුණු ඔලිම්පික් ප්රඥප්ති සමඟ කලවම් කර ගන්න යාම නොකළ යුතුය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම පිළිගැනිමක් ලබන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දේශ සීමා නැති ක්‍රීඩකයන් ලෙස හඳුනාගන්නා පිරිස්,සහ සරණාගත ක්‍රීඩක කීඩිකාවන් වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් ක්‍රීඩා කදවුරු ආරම්භ කර ඇත.ඒවායෙන් බිහිවන දක්ෂයන් ඔලිම්පික් මෙන්ම පැරා ඔලිම්පික් ක්‍රීඩාවන්ගෙන්ද ඇගයීම් ලැබීම ද දැන දැන් දුලබ කරුණක් නොවන්නේය.පුද්ගල පෞරුෂයට බලපාන පීඩාවන් ආගමික හෝ වෙනත් කාරණා නිසා ක්‍රීඩකයාගේ දක්ෂතාවයට බාධාවක් වී ඇත්නම් ඔවුන්ට ක්‍රීඩා කරන්නට දියුණු පොළවක් ලබා දීමද ඔලිම්පික් ක්‍රීඩා පවුලම එක්ව කරගෙන යන අපූරු වැඩ සටහනක්ය.
මෙවැනි තත්ත්වයක තිබෙන නූතණ ඔලිම්පික් ක්‍රීඩාව දේශසීමාවන්ට,ආගමික අධිකාරියට යටත් නැති මානව ප්‍රේමයේ සහ මානව අවශ්‍යයතාවයේ පිළිබිඹුවක් බව කිව යුතුව ඇත.දේව වන්දනාවකට පාලකයන් පිනවන්න නිරුවත් සිරුරෙන් මිනිස් ක්‍රියාකාරකම් දැකීමට රජවරුන්,ධනපතියන් සහ කුලවතුන් රැස් වූ පීඨිකාව මතට ක්‍රීඩාව කළ අයම ගොඩ වී පාළකයන් සාමාන්‍ය නරඹන්නන් කර නුතණ ලෝකයේ ඔලිම්පික් ක්‍රීඩාව පක්ෂ සහ වෙනත් බල අරගල දේශපාලන කුණාටුවලින් නිදහස් කර ඇත.සුගත් තිලකරත්න ද ඒ කුණාටුව මැඩ ගත් ජනතා සේවකයෙක් වී ඇති බව අපේ විශ්වාසය වන්නේය.නිරුවත් මිනිස් පිනවීම්වලින් උද්දාමයට පත්වන පාළකයන්ගේ දෑතින් නිදහස් කරමින් පියරේ ද කුබර්ටීන් වර්ථමානයට පිරිනැමුව ඔලිම්පික් ක්‍රීඩා සංස්කෘතිය නොවන්නට සමහර විට සුගත් අපට මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස හෝ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස හෝ දකින්නට ඉඩ නොතිබෙන්නට තිබිණ.ඒ නිසාම ක්‍රීඩාවේ තාක්ෂණික දුබලතාවය ගැන තේරුම් ගෙන මේ මොහොත ජයගන්න සුගත් පෙරට පැමිණිය යුතුව ඇති බව අපි විශ්වාස කරමු.
ක්‍රීඩාවේ 2028 මලල ක්‍රීඩා අවශ්යයතාවය ක්‍රීඩා අමාත්‍යංශයට පිටතින් හෝ කියවා සිංහ ධජය නැතුව හෝ දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයන්ට ඉහළ මට්ටමෙන් ක්රීඩාවකරගෙන යාමට අවශ්‍යය පරිසරය සකසා දීම පමා කළ යුතුය.2028 ට කල් තිබුණාට ජාත්‍යන්තර ඊට දැන් සිටම සූදානම් වන්නේ එය පහසු කටයුත්තක් නොවන බව දන්නා නිසාය.ජාත්‍යන්තර මලල ක්‍රීඩකයින් ඉදිරි වසර කිහිපය සැළසුම් කර 2028 වන විට තරග කරන තරග සහ පුහුණු සැළසුම් ද සකස් කරගෙන සිටිනවා විය යුතුය.අපට තවමත් මලල ක්‍රීඩා සංගමයක් නැත.
