නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර ජනතාවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැමිණ රෙදි වීසි කිරීම ගැන අද (19) පාර්ලිමේන්තුවේදී විරෝධය එල්ල විය.

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ ඕන කෙහෙල් ගෙඩියක් තමන්ගේ ප්‍රදේශයේ බෙදා ගන්නා ලෙසත් අභිමානයෙන් ජීවත් වූ නුවර ජනතවට රෙදි විසික්කිරීමට නොපැමිණෙන ලෙසයි.

එම ක්‍රියාව ඉතාම ලැජ්ජා සහගත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් වැඩිම ආපදාව සිදුව ඇත්තේ විපක්ෂයට බව පැහැදිලි යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ වන විටත් ස්වභාවධර්මය සමඟ සටනක නියැලෙමින් සිටින බවත් අද දවස වෙන විටත් කදුකරයට වැසි ඇදහැලෙමින්, ජලාශ වාන් දමමින් තිබෙන පසුබිමක විපක්ෂයේ විශේෂඥයින්ගෙන් තමන් විමසන්නේ දැන් කළ යුත්තේ කුමක්ද යන්න උපදෙස් දෙන ලෙස යැයිද මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාවලියට විපක්ෂයෙන් එල්ල වෙමින් තිබෙන විරෝධයට ප්‍රතිචාර දක්වමින් තනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

වත්මන් රජය විසින් පවත්වාගෙන ගිය මූල්‍ය විනය හේතුවෙන් ණය නොගෙන රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට හැකිව තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

ආපදා තත්ත්වය හමුවේ කෙසේවෙතත් තිබුණාටත් වඩා හොඳ රටටක් ගොඩනගන බවටද ඔහු වැඩිදුරටත් සහතික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...