වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW :


සීදුවූ ආපදාවත් සමග වෙළදපොලේ උඩරට එළවලු වලට වඩා පහත රට එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් පවසන අතර, පහතරට වැවෙන බණ්ඩක්කා, පතෝල, මෑ කරල් ඇතුලු එළවලු වර්ග රැසක් කිලෝවක් රු. 400-500ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, බටු කිලෝවක් රු.650ක් වැනි මිලකට අලෙවි කරනු ලබන බව වාර්තා වේ.

තවද, කැරට්, ගෝවා, බීට්, රාබු, ලික්ස් වැනි එලවලු වර්ග රු.300-350ත් අතර මිලකට අලෙවි කරන අතර, මාලු මිරිස් කිලෝවක් රු.1300, බෝංචි රු.1000 වැනි මිලකට අලෙවි කරනු ලබයි.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු පැවසුවේ, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඊයේ (18) දින එළවලු කිලෝ 91510ක ඉල්ලුමක් ලැබුණ බවත්, එම ඉල්ලුමට සරිලන එලවලු වර්ග ගොවීන්ගෙන් මිලදීගෙන එම එළවලු තොග දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කල බවයි.

එම නිළධාරියා වැඩි දුරටත් සදහාන් කළේ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නුවරඑළිය එළවලු ගොවීන් සතුව එලවලු අස්වැන්න තිබෙන නිසා උඩරට එළවලු මිල ඉහල නොයන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...