ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම වෙනුවෙන් රජය ලබාදෙන සහයට ප්‍රසාදය පළකරන බව ගම්පොළ නගර සභාවේ සභාපති සමගි ජන බලවේගයේ ඉරුක වීරරත්න මහතා පවසයි.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි සභාපතිවරයා සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය මත ගම්පොළ නගරයට දැඩි හානියක් සිදුවූ අතර නගරය ජලයෙන් යටවීමත් සමඟ ගොඩ ගැසුණු කසල බැහැර කර ගැනීමට හෝ නගර සභාවට නොහැකි බවට චෝදනා එල්ල විය.

කෙසේවෙතත් සියලුම පාර්ශව වල සහයෙන් එම තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකිව තිබෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

එම කටයුතුසඳහා රජය ලබාදෙන සහය ප්‍රසංශනීය බවද ඔහු ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඊට ගම්පොළ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක අසේල අමරසේන මහතා ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...