25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25000 දීමනාව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් තිස් දහසක් සඳහා ගෙවා ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේය.

නිවාසවලට සිදුවූ හානි වෙනුවෙන් එම මුදල් ලබා දෙන නමුත් ළගා වීමට අසීරු ස්ථානවල නිවැසියන් සඳහා එම මුදල ලබාදීම අද (20) දින අවසන් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් ග්‍රාම නිලධාරීන් මගින් අදාල මුදල ලබා දෙන බවත් ජීවනෝපාය සඳහා ලබා දෙන රු. 25 000 – 50 000 මුදල ලබාදීමට මේ වන විට කටයුතු කර ඇතැයි ද ඔහු පැවසීය.

එමෙන්ම විනාශ වූ නිවාස වල මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් පනස් දහසක මුදල ලබා දෙන බවත් විපතට පත් පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන රුපියල් 15 000 සහ රුපියල් 10 000 මුදල් ලබාදීමට පියවර ගෙන ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...