නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

Date:

සටහන – පුලී

දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස් හි පුදුම සහගත ආගන්තුකයෙකු ලෙස පෙනී සිටි නිකී මිනාජ්, ඇමරිකාෆෙස්ට් සම්පූර්ණ රීමික්ස් එකක් බවට පත් කළ අතර, දේශපාලන සමුළුවක්, ප්‍රාසාංගික අත්දැකීමක් බවට ක්ෂණිකව පරිවර්තනය කළාය. 

අභාවප්‍රාප්ත ක්‍රියාකාරිනී චාලි කර්ක් අනුස්මරණය කරමින් ඇරිසෝනා හි පැවති ගතානුගතිකයින්ගේ රැස්වීමකට රැප් ගායිකා නිකී මිනාජ් අනපේක්ෂිත ලෙස පෙනී සිටි අතර, වේදිකාවේ තම කාලය වෙන් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් යනු තරුණ පිරිමින් සඳහා “ආදර්ශමත් චරිත” ලෙස ද එහිදී හැඳින්වීය.

ටර්නින් පොයින්ට් ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකාෆෙස්ට් සමුළුවේදී Charlie Kirk ගේ වැන්දඹුව වන Erika Kirk විසින් නිකී මිනාජ් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. 

ඇය අතීතයේ දී හෙළා දුටු ට්‍රම්ප් මහත්තයාට අලුතින් ලැබුණු සහයෝගය සහ නයිජීරියාවේ කිතුනුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකින ඇගේ ක්‍රියාමාර්ග පිළිබඳව ඇය සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළාය.

“අපේ ජනාධිපතිවරයා කෙරෙහි මට අතිශයින්ම ගෞරවයක් සහ ප්‍රශංසාවක් තිබෙනවා,” නිකී මිනාජ් උත්සවයේදී කර්ක්ට පැවසීය. 

“ඔහු මෙය දන්නවාද කියලා මම දන්නේ නැහැ, නමුත් ඔහු බොහෝ දෙනෙකුට නරක මිනිසුන් පරාජය කිරීමට සහ ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ඇති බවටත්, ඔබේ හිස ඔසවාගෙන සහ ඔබේ අඛණ්ඩතාව නොවෙනස්ව තබා ගැනීමටත් බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා.” ඇය වැඩිදුරටත් පැවසීය.

එපමණක් නොව ඇය කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්ට සමච්චල් කළේ ට්‍රම්ප් විසින් ජනප්‍රිය කරන ලද අන්වර්ථ නාමයක් ද භාවිතා කරමිනි. නිකී මිනාජ් කිසිදු ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙනහැර දැක්වූයේ නැතිමුත් ඇය ආගමන, බදුකරණය, විදේශ ප්‍රතිපත්තිය හෝ සංස්කෘතික-යුද නීති සම්පාදනය පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කළේ නැත. ඇගේ අදහස් පාලනයට වඩා නායකත්වය, පෞරුෂය සහ මහජන සංජානනය කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

තවදුරටත් නිකී විකාශනය අතරතුර, ඇගේ අදහස් විස්තර කරමින්, “පිරිමි ළමයි, පිරිමි ළමයි වෙන්න” යැයි පැවසූ අතර, “කමක් නැහැ. පිරිමි ළමයි වෙන්න. පිරිමි ළමයෙක් වීමේ වරදක් නැහැ. ඒක කොච්චර බලවත්ද? ඒක කොච්චර ගැඹුරුද? පිරිමි ළමයි පිරිමි ළමයි වේවි, ඒකෙ කිසිම වරදක් නැහැ.” යනුවෙන් ප්‍රකාශ කරමින් දෑත් දිගු කරන විට, අනෙක් අයවලුන්  “ආමෙන්” යනුවෙන් ප්‍රතිචාර ද දැක්වීය. එම ප්‍රකාශයෙන් නිකී මිනාජ් විවේචනයට ලක් වූ අතර බොහෝ පරිශීලකයින් මිනාජ්ට බැණ වැදුණි.

එක් පරිශීලකයෙක් පැවසුවේ, “පිරිමි ළමයින් ගැහැණු ළමයින් නොවන බව පැවසීම සංක්‍රාන්ති ලිංගික භීතිකාවක් නොවේ, පසුගාමී බවයි” යනුවෙනි.

තවකෙක් පැවසුවේ, “this woman built her entire career off of the back of the lgbtq+ community… death to u, ur rodent husband & ur fu***d up bloodline.” යනුවෙනි. 

බාලවයස්කරුවන් සඳහා සංක්‍රාන්ති ලිංගික සෞඛ්‍ය සේවාව සඳහා දක්වන සහයෝගය සම්බන්ධයෙන් නිකී මිනාජ් කැලිෆෝනියා ආණ්ඩුකාර නිව්සම් විවේචනය කළ අතර ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය ජනාධිපති ධුරයට තරඟ කිරීම එහිදී හාස්‍යයට ලක් කළාය.

“ළඟම ඇති ජෙට් ස්කී එකට නැඟී ඒ ලස්සන කොණ්ඩය සුළඟට ගසාගෙන යන්න දෙන්න. ඔබ දිනන්නේ නැති එක මේ තරඟයට වඩා ඔබව සතුටු කරනු ඇත” යනුවෙන් ද ඇය යෝජනා කළාය.

ප්‍රගතිශීලී නිකී මිනාජ් ට්‍රම්ප්ගේ ආධාරකරුවෙක්ද?

ඇමරිකාෆෙස්ට් හිදී ඇයගේ ප්‍රකාශ ට්‍රම්ප් පරිපාලනයට දැඩි සහයෝගයක් පෙන්නුම් කළ අතර, ඇය තමා සහ රිපබ්ලිකන් ජනාධිපතිවරයා වන ට්‍රම්ප් අතර ඇති සමානකම් පවා හුවා දැක්වීය, ඔවුන් දෙදෙනාම නිව්යෝර්ක්හි ක්වීන්ස් හි උපන් අය බව ද ඇය උජාරුවට සඳහන් කළාය. එපමණක් නොව පරාජයන් සහ ආයෙත් සිදු නොවනු ඇතැයි සිතන ක්‍රියාවන් සිදුවීමට ට්‍රම්ප් නිදසුනක් ලෙස ද ඇය සැලකීය.

“මෙම පරිපාලනය හදවතින් හා ආත්මයෙන් යුත් පුද්ගලයින්ගෙන් පිරී ඇති අතර, ඔවුන් මට ඔවුන් ගැන ආඩම්බර වීමට හේතු වී ඇතැයි,” ඇය පැවසීය. “මම ඔවුන් දෙදෙනාටම ආදරෙයි. ඔවුන් දෙදෙනාම බලවත් මිනිසුන්. බුද්ධිමත්, ශක්තිමත්, ඒ සියල්ල” ඔවුන්ට ඇති බවද ඇය පැවසීමට අමතක නොකළාය.

සමාජ මාධ්‍යවල ඇයගේ මෑත කාලීන සටහන් කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විවේචනය කරන අතර ට්‍රම්ප්ට පක්ෂව පවතී. මිනාජ් ගේ මේ නාටකාකාර අලුත් වෙනසට හේතුව කුමක් වේද? 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...