ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, ඊයේ (22) පස්වරු 5.40ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් එස්.ජයිශංකර් මහතා මෙරටට පැමිණ ඇත.

ඒ මහතාව පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට එක්ව සිටියහ.

මෙම නිල සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...