කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ඊයේ (22) ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත කෙරුණි.
චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ෆාදර් චිත්‍රපටය එමිකා නිෂ්ප්දනයකි.
මෙම නිර්මාණය 1970 සහ 1990 දශක අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ සැබෑ සිදුවීම් කිහිපයක් පදනම් කරගෙන නිර්මාණය වී තිබේ.
1970 දශකයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඩෙස්මන්ඩ් ගුණසේකර (පූජන දන්දෙණිය) නම් තරුණයා වටා කතාව ගෙතී ඇති අතර ආගමික නැඹුරුවක් සහිත අතිශය සාමාන්‍ය පවුලක තරුණයකු වන ඩෙස්මන්ඩ්, අහඹු සිදුවීමක් හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රබල අපරාධ කල්ලියක නායකයෙකු වූ ඥානේ (ජගත් මනුවර්ණ) සමඟ ගැටුමක් ඇති කරගනී.
1988-89 භීෂණ සමය උදාවීමත් සමඟ දේශපාලන බලය සහ දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහය ලබන අපරාධකරුවන් විසින් ඩෙස්මන්ඩ්ගේ සමීපතමයන් ඝාතනය කරනු ලබයි. තම පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ මරණයට එරෙහිව ඩෙස්මන්ඩ් සිදුකරන බිහිසුණු සහ උත්ප්‍රාසාත්මක පළිගැනීම චිත්‍රපටයේ අවසානය සනිටුහන් කරයි.
මෙම චිත්‍රපටය එළඹෙන ජනවාරි මස 09 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වෙයි.
චිත්‍රපටය සඳහා මෙරට සිනමාවේ ප්‍රවීණ සහ දක්ෂ නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දී ඇත.
සෞම්‍ය ලියනගේ
දිල්හානි අසෝකමාලා
පූජන දන්දෙණිය (ඩෙස්මන්ඩ් ලෙස)
ජගත් මනුවර්ණ (ඥානේ ලෙස)
බිමල් ජයකොඩි (පොලිස් පරීක්ෂක ධම්මික ලෙස)
ශ්‍යාම් ප්‍රනාන්දු (මයිකල් ලෙස)
චාන්දනී ප්‍රනාන්දු
සරත් කොතලාවල
සුරාජ් මාපා
කෝරලගේ සමන්
සේවියර් කණිෂ්ක
අකලංක ප්‍රභාෂ්වර
සනත් විමලසිරි
සඳුන් ප්‍රියංකර විතානගේ
සුනෙත් චිත්‍රානන්ද
අංජන ප්‍රේමරත්න
චානක බණ්ඩාර
පසන් රණවීර
අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර
සිසිර තඩිකාර
රුවන් මදනායක
තිළිණ ද සිල්වා
මනෝජා ෆර්නෑන්ඩෝ
අමා විජේසේකර
චමින්ද බටුකොටුව
මෙහි සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසින් සිදුකර තිබෙන අතර කැමරාකරණ දායකත්වය විශ්වජිත් කරුණාරත්න ගෙනි.




























