ජනාධිපති කාර්යාලය අසල සිදුවීම් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (VIDEO)

Date:

ඊයේ (22) අළුයම ජනාධිපති කාර්යාලය අසල සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අද (23) දිනයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සිදුකළේය.

ඒ, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති අයිතිවාසිකම් භුක්ති විඳීම, සාමකාමීව රැස්වීම, සාමකාමීව විරෝධතා දැක්වීම යනාදියට ජනතාවට ඇති අයිතිය පිළිගන්නා නමුත් නීතිය හෑල්ලුවට ලක්කිරීමට කිසිවෙකුට ඉඩ තැබිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ගෝල්ෆේස් අරගල භූමිය වෙත රාජකාරි කටයුතු සඳහා ගිය පොලිස් නිලධාරීන්ට අරගලකරුවන් බාධා කළ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත නිකුත් කළේය.

එසේම ජනාධිපති කාර්යාලය යනු මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ප්‍රධානතම කාර්යාල පද්ධතිය වන බැවින් නව විධායක ජනාධිපතිවරයකු පත්වූ පසුව එම කාර්යයන් සිදුකරගෙන යාමට අදාළ කාර්යාල පද්ධතිය නිදහස් කරදීම පොලිසියට පැවරී ඇති වගකීමක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...