තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

ජාතික විගණන කාර්යාලයේ අයවැය සහ ක්‍රියාකාරී වැඩසටහනේ වගකීම සහ අධීක්ෂණය මුදල් කාරක සභාව සතු හෙයින් එහි සභාපතිවරයා ලෙස ඉතාමත් ඉක්මණින් විගණකාධිපතිවරයෙකු පත්කරන ලෙස අවධාරණය කිරීම සිය වගකීම යැයි තමා සිතන බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත් එය ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව විගණකාධිපතිවරයෙකු පත්වන බවත් එම විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරයි. මේ නිසා, විගණකාධිපති ධුරය පුරප්පාඩුවීම නිසා මෙම අනිවාර්ය ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධා සිදුවන බවයි මුදල් කාරක සභාවේ සභාපති ලෙස හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ.

එසේම, රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවත් විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන විගණන වාර්තා මත සෘජුවම කටයුතු කරන නිසා මෙම තනතුර පුරප්පාඩුවීම ⁣පාර්ලිමේන්තුව විසින් සිදුකරන මූල්‍ය අධීක්ෂණයට බාධාවක් බව හෙතෙම පවසයි.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව සුදුසු පුද්ගලයෙක් ඊට පත්කරන ලෙස ඔහු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...