මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW :

අනිද්දා(27)දින ශීත සෘතුවේ මෝල්ඩෝවා රාජ්‍යයේ සිට සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගාවීමට නියමිත බව වාර්තා වේ.

විෂන් එයාර් ගුවන් සේවය විසින් සෘජු ගුවන්වාර 09 ක් මෙලෙස ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇති අතර , මෙමගින් සංචාරකයින් 1,500 ක් පමණ දිවයිනට රැගෙන ඒම අපේක්ෂාව බව සඳහන් වේ.