සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වි තිබෙන බව වාර්තා වේ.

එහිදී, ශ‍්‍රී ලංකාව වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකින්ම අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය වියට්නාම තානාපතිනියගේ ඇගයීමට ලක්ව තිබෙන අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ඉදිරියටත් එම සබඳතා ශක්තිමත්ව පවත්වගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වු අතර, වියට්නාමයේ සහාය ඇතිව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය මෙන්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයන්, කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර, කාන්තා හා ළමා කටයුතු, ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳවත් ජනමාධ්‍ය සහ සන්නිවේදනය යන ක්ෂේත්‍රයන්ට අදාළව වියට්නාමය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීම පිළිබඳවත් මෙහිදී තානාපතිවරිය කරුණු දක්වා ඇත.

එසේම වියට්නාමය රටක් ලෙස ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව තුළ ඵලදායීව යොදා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණ අතර, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරියේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සම්බන්ධතා ශක්තිමත් ලෙස ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන බව ද අවධාරණය කර ඇත.

අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ ඇති වැදගත්කම මෙහිදී තානාපතිවරිය පෙන්වා දෙන ලද අතර, වර්තමානයේ ශ‍්‍රී ලංකාව දේශපාලන, සංස්කෘතික, ආර්ථීක ආදී සෑම අංශයකින්ම අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය පිළිබදව සිය සතුට පළ කර ඇති අතර 1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව වසර 55 ක් ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලී වෑන් හොංග් (Le Van Huong), තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගනී යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...