පසුගිය වසර 50ක ඉතිහාසය තුළ නොවූ විරූ සංවර්ධනයක් මේ වසර 5 තුළ රටේ සිදුකරන බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“මේ ආණ්ඩුව බලයට ආවා කියලා තේරෙන්නෙ නැහැ නේද තාම ? අපේ හාමුදුරුවනේ, අලුත් ආණ්ඩුවක් බලයට ආවා කියලා තේරෙන්නෙ නැහැ තවම. අලුත් ආණ්ඩුවක් ආවාම හරියට නම් ඉතින් ඩිපෝ අධිකාරීතුමා තාර පාරක් එහෙම නාගෙන ගෙදර යන්න ඕනෙ. නමුත් කිසිදු බලපෑමක් අපි කරලා නෑ.
මේ ආණ්ඩුව ඇවිල්ලා තවම කෙටි කාලයයි. මේ අවුරුදු 5 සම්පූර්ණ වෙනකොට අවුරුදු 50ක ඉතිහාසයේ සිද්ධ වෙච්ච නැති සංවර්ධනයක් මේ අවුරුදු 5 ඇතුළත අරන් දෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. දැන් අර කවුදෝ කියලා තියෙනවානෙ පෝය දෙකෙන් ඉවරයි කියලා. පෝය දෙකෙන් පස්සෙ එයාට සිල්ගන්න යන්න පුළුවන්, ආණ්ඩුව නම් ඉවර වෙන්නෙ නෑ.
සල්ලි නැතිව පෝලිම් යුගයක් හදලා තිබ්බ රටේ අවුරුද්දක් ඇතුළත කෝටි 50,000ක් ඉතුරු කරලා මිනිස්සුන්ට ස්වභාවික විපතකදී බෙදන්න පුළුවන් ආණ්ඩුවක් හැදුවා නම් ඉතිහාසයේ පළවෙනි වතාවට ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි කියලා මම කියනවා. තවත් රුපියල් කෝටි 50,000කට වඩා තියෙනවා භාණ්ඩාගාරයේ වෙනම”
නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව කදුරුවෙල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් අංගනය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.


