නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW:
අවශ්‍යයතා ඇති අයට ත්‍යාග ප්‍රදානය කිරිම සඳහා සුවිශේෂි දිනයක් ලෙස හැඳින්වෙන බොක්සිං දිනයට ක්‍රිස්තියානි ප්‍රජාව ස්ටීවන් දිනය කියා පවසන ඉතිහාසයක් ද තිබේ.කෙසේ නමුත් මෙවර (2025) බොක්සිං දිනයේදී අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගය ඓතිහාසිකව වැදගත තරගයක් විය.ඒ වන විටත් අළු බඳුන තරගාවලිය 3-0 ක් ලෙස දිනා සිටි ඔස්ට්‍රේලියාව මේ තරගයේදී ජයග්‍රහණය අවශ්‍යයව සිටි එංගලන්තයට එය පරිත්‍යාග කළ බොක්සිං දිනයක් උදා කරවීය.
සැබවින්ම එය පරිත්‍යාගයක් නොව තමන්ට අවශ්‍යයව සිටි ජයග්‍රහණය ප්‍රතිවාදීන්ගෙන් උඳුරා ගැනීමක් ලෙස හැදින්වීම නිවැරදිය.තරගය පැවති තණතීරුවේ හැසිරීම ප්‍රශ්නකාරී විය.එහි ලකණු තිබුණේම නැති තරම්ය.එහිදී ඔස්ට්‍රේලියාව පළමු ඉණිමේදී ලකුණු 152 ට දවා ගත් මොහොතේ සිට එංගලන්තය එම තණිතීරුව තුළ ලකුණු රැස් කිරීමේ හැඩය මියෙම්වා හෝ රැකෙම්වා ලෙස සිදු විය යුතු බව තීරණය කර තිබෙන බවක් දකින්නට තිබිණ.
පළමු ඉණිමේ දි ඔස්ට්‍රේලියාව ලකුණු 152 සීමා කළ ද ඊට එරෙහිව ප්‍රහාරාත්මකව පිළිතුරු දෙන්නට ගිය අසාර්ථක විය.එංගලන්ත ලැබුවේ ලකුණු 110 ක් පමණි.දෙවන ඉණිමේදී යළි එංගලන්තය ඔස්ට්‍රේලියාව මට්ටු කරමින් ලක්ණු 132 සීමා කළේය.ජයග්‍රහණය සඳහා ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තේ ඉවසීම ප්‍රකට කළ ඉණිම්වලින් නොවේය.තරමක් වේගවත් ආක්‍රමණයක් සමඟින්ය.තරගයේ ලකුණු පූවරුව පහතින් ඇත.
https://bit.ly/3YfVZv4
මේ තරගය දින දෙකකින් නිමාවට පත් වී තීරණයක් ලැබීම සමඟ බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නට විය.ඉතිහාසයේ කෙටිම කාලයකින් නිමා වූ තරගයක් ලෙස මේ තරගය ඉතිහාසයට එක්වීම ඊට හේතුවය.ඒත් කෙටිම පන්දු ගණනකින් නිමා වූ තරග කවරේද ලෙස ඉතිහාස තොරතුරු සමඟ විමසා බලද්දී මේ තරගය තිබෙන්නේ දහ වන තැනය.මේ තරගයේදි යවා තිබෙන පන්දු ප්‍රමාණය පන්දු 852 කි.පන්දු ඕවර්නම් 142 කි.
වැදගත්ම දේ මේ තරගයට පෙර මේ තරගාවලියේම පර්ත් හී පැවති තරගය නිමා වී ඇත්තේ මීටත් වඩා අඩු පන්දු ප්‍රමාණයකින් ය.එහිදී මුළු තරගයටම වැය වී ඇත්තේ පන්දු 847 ක් පමණි.එය නව වන තැන තිබේ.
ඒත් ඉතිහාසයේ විසඳුමක් ලද අඩුම පන්දු ප්‍රමාණයකින් නිමා වූ තරගය ලෙස සැළකෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාව ජයගත් තරගයක්.කේප්ටවුන්වලදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාව මේ ජය වාර්තා කරන්නේ පන්දු 642 ක් තුළයි.හරියට පන්දු ඕවර් 107 ක් තුළයි.
පහතින් දැක්වෙන්නේ එංගලන්තය බොක්සිං දිනයේදී ජයගත් තරගය දක්වා අඩුම පන්දු ගණනකින් ජය පරාජය විසඳුණ ටෙස්ට තරග නවයේ කණ්ඩායම දෙක කවුද යන්න සහ එම තරගයෙන් ජය ගත්තේ කුමන කණ්ඩායම ද යන්නයි.මේ තරග අනුපිළිවෙලේ දහවන තැන තිබෙන බොක්සිං දිනයේ තරගයේ මුළු ලකුණු සටහනම, මේ සටහනට අදාළව උඩින් දක්වා ඇත.
මෙම සටහනට නිමිත්ත සැපයූ මෙල්බර්න් තරගයේ එංගලන්ත ප්‍රේක්ෂකයින් සතුට සමරන අයුරු ඡායාරූපයේ දක්වා ඇති අතර මෙම තරගයට ශ්‍රී ලාංකේය සබඳතාවක් එකතු කළ කුමාර ධර්මසේන විනිසුරුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහු විසින් දෙනු ලැබූ ඩීආර්එස් සඳහා යොමු කළ තීරණ ද සමඟ සියළු තීරණ සියයට සියයක් නිවැරදි වීම කැපී පෙණින.
පන්දු ප්‍රමාණය තරගය ජයග්‍රාහකයා ස්ථානය වසර
1 642 දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඉන්දියාව කේප් ටවුන් 2024
2 656 ඔස්ටේගියාව සහ දකුණු අප්‍රිකාව ඕස්ට්‍රෙලියාව මෙල්බර්න් 1932
3 672 බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය එංගලන්තය බ්‍රිජ්ටවුන් 1935
4 788 එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව එංගලන්තය මැන්චෙස්ටර් 1888
5 792 එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව ලෝර්ඩ්ස් 1888
6 796 දකුණු අප්‍රිකාව සහ එංගලන්තය එංගලන්තය කේප් ටවුන් 1889
7 815 එංගලන්තය සහ දකුනු අප්‍රිකාව එංගලන්තය ඕවල් 1912
8 842 ඉන්දියාව සහ එංගලන්තය ඉන්දියාව අහමදාබාද් 2021
9 847 ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ඔස්ට්‍රේලියාව පර්ත් 2025


