චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

Date:

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාරයක් ආරම්භ කර තිබෙනවා. යුද සූදානමක් වශයෙන් අද (29) ආරම්භ වූ එම මුර සංචාර සඳහා චීන නාවික හා ගුවන් හමුදා බලකායන් යොදවා ඇති බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම “Justice Mission 2025” යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බව ද ඔහු කියා සිටියා. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් යොදවමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කෙරෙනවා.

මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය, යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි මෙම යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

“Justice Mission 2025” යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවයි චීනය පවසන්නේ. එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් බවත් Shi Yi මහතා වැඩිදුරටත් සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!

දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...

එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...