රාජිතට එරෙහි නඩුවක් CIDය ඉල්ලා අස්කර ගනී

Date:

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ චීන සමාගමකින් නැව් 8ක් මෙරටට ගෙන්වීම සහ විදෙස් සමාගමකට මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම සිද්ධීන්ට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් “දූෂණය” යන වරද යටතේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කර ඇති බැවින් මෙසේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බවයි CIDය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඒ අනුව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසරය ලබාදුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...

ජනාධිපති මහනුවරට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීම...