සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවසකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාව කරන චෝදනාව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය ඉරිදා(28) දිනයේදී කියෙව් නගරයේ වයඹදිග නොව්ගොරොඩ් කලාපයේ පිහිටි පුටින්ගේ රාජ්‍ය නිවසට දිගු දුර මිනිසුන් රහිත ගුවන් යානා (UAV) 91 ක් භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත් එම ප්‍රහාර රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති විසින් අල්ලා විනාශ කළ බවත්, රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර දියත්වන අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා සිටියේ කොහෙද යන්න වාර්තා නොවන අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, රුසියාව කරන මෙම චෝදනා සත්‍ය නොවන බවත්, යුක්රේන සාම සාකච්ජා අඩාල කිරීමට රුසියාව ගන්නා උත්සහයක් වශයෙනි.

