අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම කොමිසම පිහිටුවා ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇති බවයි එම ගැසට් නිවේදනයෙහි දැක්වෙන්නේ.

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙන බවත් රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම ආදී කාර්යයන් මෙම කොමිසන් සභාවට පැවරෙන බවත් එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ද අදට (31) යෙදී තිබේ.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...