කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 56කි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර විපක්ෂයේ එකතුවෙන් එය පරාජයට පත්විය.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.

එවන් පසුබිමක අයවැය සංශෝධනයකින් තොරව යළි අද දිනයේදී නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ ඇයවැය වාර්තාව සංශෝධනයකින් තොරව ඉදිරිපත් කළ හොත් නැවත අවරක් අද දින එය පරාජයට පත්කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...

ජොනීගේ පුතා ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...