සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW :

2026.01.01 වන දින හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ,කොළඹ දිස්ත්‍රික් ලේකම් හා ස්වදේශ කටයුතු අතිරේක ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය,කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) නදීකා කෞශල්‍යා කුමාරි මහත්මිය,එදින රාජකාරි අරඹන ලද නව සහකාර දිස්ත්‍රික් ලේකම් එන්.ශේෂාදරී පතිරණ මහත්මිය,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩි.එම්.එස්.කේ.කේ.දසනායක සහ කොළඹ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙය සහභාගී විය.

මීට සමගාමීව කොළඹ, දෙහිවල, මහරගම, පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසින් ද අභිනව වසරේ ප්‍රථම සමාජ ආරක්‍ෂණ බදවාගැනීමට ආදාළ සාමාජිකත්වය ලබාදීම සහ වාරික මුදල් ගෙවීම් පොත් හා කුවිතාන්සි ප්‍රදානය ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් සිදු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රිකට් වින්දනය Rebuilding Sri Lanka සමඟ පාහයි

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: දිට්වා ව්‍යසනයෙන් නැගිටීම පහසු...

සීඑච්, සීආර් සහ මහනුවර ජය ලබති

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි සූරතාවලියේ...

‘දිට්වා’ ඉතිරි කර ගිය විසඳුම් දුර ප්‍රශ්න…

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : මේ වනවිටත් 'දිට්වා'...

වෙනිසියුලාව ට්‍රම්ගේ පාලනයට ගනිමින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු නායක නිව්යෝර්ක් වෙත රැගෙන එයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මත්ද්‍රව්‍ය සහ ආයුධ...