Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි තුන්වැනි සතියේදී දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, නීතීඥවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම සමුළුව පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ආණ්ඩුව විසින් ඉදිරියේදී විපක්ෂයේ නායකයින් මර්දනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහි වීම

දිට්වා සුළිකුණාටුව සම්බන්ධයෙන් පූර්ව සූදානමක් නොවීම පිළිබඳව අදාළ බලධාරීන්ට නඩු පැවරීම

අධිකරණ ක්ෂේත්‍රයේ මේ වනවිට පවතින විවිධ අඩුපාඩු

යන මාතෘකා පිළිබඳව මෙම සමුළුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.

විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට සම්බන්ධ නීතීඥවරුන් 1500ක් පමණ මීට සහභාගී වීමට නියමිත බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...