නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW:
පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද දඹුල්ලේදි පැවත්වෙනවා.මේ වන විටත් තරගාවලියේ තරගයක් නිමා වී එය ජය ගෙන 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටින පකිස්තානයට වඩා තවත් තරගයක් ඉතුරුව තිබියදී තරගාවලිය පරාජය වීමේ අවදානමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජය ගැනීම සඳහා අවශ්‍යය කරන උවමනාව පීඩකයක් සේ දැනෙනවා ඇති.
විශේෂයෙන් පිතිකරණයේදී දක්වන අස්ථාවරත්වය සහ දිගු පහරවලට ඇති නොහැකියාව දැන් සෑහෙන කාලයක සිට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳව විශේෂඥ පුහුණුකරුවෙකුගේ සේවය ලබාගෙනත් සාර්ථක වී නොමැති වීම ගැටළුකාරියි.කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් ගත් විට සනත් ජයසූරිය යනු කාලයකට පෙර ලොව හෙල්ලූ සචින් තෙන්දුල්කාර් පවා පවසන ආකාරයට ලොව භයානකම පිතිකරුවායි.විශේෂයෙන් පකිස්තානවුන්ට දැඩිව බැට දුන් සනත් ඔවුන්ට එරෙහිව ලොව වේගවත්ම ශතකය මෙන්ම අර්ධ ශතකයද එක්දින ඉණිමකදි ලබා ගන්නට සමත් වුණා.
මේ මොහොතේ පකිස්තානය පුහුණු කරන්නේ ක්‍රීඩකයෙකු ලෙස නමක්වත් සඳහන්ව නැති නවසීලන්ත ජාතිකයෙකු වන මයික් හෙසන් ය.එහෙත් ක්‍රීඩකයාගේ භූඹිකාවට වඩා ක්‍රීඩා පුහුණුකරුවාගේ භූමිකාවට ඇළුම් කළ හෙසන් මේ ජාතික කණ්ඩායමක පුහුණුකරු ධූරය දරන තෙවන අවස්ථාවය.මීට පෙර කෙන්යාවේ පමණක් නොව ඔහු උපන් රට වන නවසීලන්තයේද ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමට තරම් පුහුණුකරු තාක්ෂණයෙන් පොහොසත් අයෙක්ය.
ලංකාවේ බොහෝ ක්‍රීඩාවන් හී පුහුණුකරුවන් වන්නට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කර තිබීම ගැන සළකා බලන අතර ඒ නිසා පුහුණුකාරීත්වයට ඇළුම් කරන අයෙකුට එම වෘත්තියෙන් ඉදිරියට ඒමට අපහසුය.එසේ කරන්නේනම් හොඳම තැන පාසලය.අද ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන සුසන්ත ප්‍රනාන්දු මලල ක්‍රීඩකයෙකු නොවීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.ඔහු මලල ක්‍රීඩකයෙකු නොවේය.
එසේම බොහෝ අය ක්‍රිකට් නොවුණත්,වෙනත් ක්‍රීඩාවලදී තමන් ජාතික මට්ටමෙන් රට නියෝජනය කර ඇත්නම් ලංකාවේ පුහුණු දැණුම ලබා ගැනීමට ඇති ආයතන වෙත යොමුවීමට මැලිකමක් දක්වන ස්වරූපයක් ද දකින්නට ඇත.ඒ එහි දැණුම ලබා දෙන පුද්ගලයන් තමන් තරමට ජාතික මට්ටම නියෝජනය කර නැති වීම යන කාරණය පදනම් කරගෙනය.මේ උද්ධච්ඡ හැඟීම නිසාම බොහෝ දක්ෂ ක්‍රීඩකයන්ව සිටින අයට පුහුණුකරුවෙකු ලෙස පෙරට එන්නට අවශ්‍යය දැණුම උපයා ගන්නට නොහැකි වන්නේය.
සනත් ජයසූරිය ද එවැනි උද්ධච්ඡකමක් නිසා නොවුණ ද,ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ස්ථාවර වෙන්නට අවස්ථාවක් නොලැබුණ සහ එවැනි අවස්ථාවක් නො‘සෙව් අයෙක්ය.කාලයක් ඔහු දේශපාලනයේ සිට අතර පුහුණුකරු අධ්‍යයනය පසෙක තබා තේරීම් කමිටුව වැනි තැන්වල වගකීම් දරන්නට සිඳු විය.ඒ නිසා සනත් ජයසූරිය සහ මයික් හෙසන් යනු පුහුණුකරු දෙපළගෙන් න්‍යායාත්මකව පුහුණුකරුවෙකු ලෙස වැඩි දැණුමක් ඇත්තේ හෙසන්ට බව අප අමතක නොකළ යුතුය.
එවැනි අවස්ථාවක සනත්ට ක්‍රීඩකයාගේ දැණුම පුහුණුකරුවාට ආදේශ කිරීමට යාමේදී විශාල අභියෝගයක් තිබෙන බව පැහැදිළිය.එය සජීවීව කියවා ගැනීම තුළින්ම කළ යුතු කාර්යයකි.පිටියට තරම්ම ප්‍රායෝගිකව ප්‍රතිවාදියාව කියවා ගැනීමට ද සනත්ට වැඩි පුර මහන්සි වන්නට සිඳු වන්නේය.පිතිකරුවෙකු ලෙස සනත් ඕනෑම හොඳ පන්දු යන්නෙකු විනාශ කළ හැකි අන්දමේ ප්‍රහාර දියත් කරන හැටි දන්නේය.එසේම දක්ෂ පන්දු යවන්නෙකු මෙන්ම නායකයෙකුද වන සනත් පිතිකරුවාට දැල එළිමේ සංස්කෘතියද හොඳින්ම දන්නේය.එහෙත් ඒවා තමන් පිටියේ නොමැතිව පිට සිට කරවීම යන පුහුණුකරු භූමිකාවේදී ඔහු දැඩිය මහන්සි විය යුතුව ඇත.ඒ මහන්සිය වේගවත් මෙන්ම එම වේගය සමඟම සමගාමී සංයමයකින් ද විය යුතුය.
එසේම අමාරු වැඩක් කරවද්දී ඊට සහය වන්නන්ගෙන් උපරිමය ද ලැබිය යුතුව ඇත.එම තත්ත්වයද සනත්ට නොලැබෙන බවක් පෙනෙන්නට නැත.සෑම අංශයකටම විශේෂ පුහුණුකරුවන් යොදවා සනත්ට ඒවා කළමණාකරනය කරන්නට පුළුවන් වන පසුබිමක් සකසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇතත්,ඒ පුහුණුවන්ගේ විශේෂ ගුණය ක්‍රීඩකයන්ගෙන් ප්‍රදර්ශනය නොවීමේ ගැටළුව සනත්ගේ පුහුණු ඥාණයට ඔරොත්තු නොදෙන තරම් පීඩනයක් ඇති කරනවා විය යුතුය.ක්‍රීඩකයින් බොහෝ වැරදි කරන විට තමන්ට නොමැති තාක්ෂණික ඥාණයක වර්ගපලය ඉක්මවා සිතන්නට සිඳුවීම මේ මොහොතේ සනත් විඳින වදයක් විය හැකිය.ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහු ගැන විශ්වාසය තබන බව කියද්දීත්,ඔහු දිගට රැදී සිටින්නට බලාපොරොත්තුවක් නැති බව කියන්නේ ඒ නිසා විය යුතුය.
එහෙත් මහා විශාල පුහුණු දැණුමක් එක් කරගෙන නැතත් සනත් ලොකු හැකියාවක් ඇති අයෙකු බව සපත කර අවසන්ය.සමහර විට සනත් නැවත පුහුණුකරු ධූරයට නො‘එනවා යන්නේ අදහසම ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනීමට කාලයක් ගැනීම විය හැකිය.නොකර මෙසේනම් කළොත් ය සංකල්පයෙන් විමසා බැලුවොත් ලෝකයම පිළිගන්නා පුහුණුකරුවෙකු වන්නට සනත්ට බැරි නැත.
දැන් මේ සියලු පරාජයන් සමග බැණුම් අසන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විරුද්ධව කඳවුරු බැඳපු අය තමන් වීරයන් කළේ විදේශ පුහුුණුකරුවන් බව අමතක කරමින් දේශීය පුහුණුකරුවන් කණ්ඩායමට නොගෙන විදේශ පුහුණුකරුවන් ගෙන ඒම අපරාධයක් සහ තවත් අතකින් මාෆියාවක් බව කියන්නට උත්සාහ ගත්තේය.ඔවුන් දැණුම ගත යුතු නම් අතරට සනත්ගේ නම ද අමුණා තිබුණේය.එක අතකින් වත්මන් ක්‍රිකට් පරිපාලනය මේ මොහොතේ සිඳු කරමින් තිබෙන්නේ විරුද්ධවාදීන්ගේ අදහසක් දිය කර හැරීමක්ය.
කෙසේ නමුත් සනත්ට හැම අතින්ම ආශිර්වාදය ඇත.ඒ නිසාම ඔහුට ක්‍රිකට් පරිපාලනයේ මාතර තනතුරු දැරීම අපහසු නොවන පරිදි පුහුණුකරු තනතුර ද වෙනත් නමකින් හඳුන්වා රැදී සිටින්නට ආශිර්වාදය හිමි වී ඇත.දැන් තියෙන්නේ සනත්ට තව ටිකක් ඉවසිල්ලෙන් සැළසුම් කරන්නටය.කරමින් ඉගෙන ගැනීම අනෙකා කරන දේ නැවත්වීමට තමන්ගේ ක්‍රීඩා කළ ක්‍රීඩක ඥාණය පුහුණුකරු ඥාණයට පරිවර්ථනය කර ගැනීමටය.
තව දින කිහිපයකින් උදාවන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ඇති කාලය ඊට ප්‍රමාණවත් කර ගැනීමට හැකිය.හැබැයි ඒ දක්වා පියෙන් පිය පරාජය වුව ද දක්ෂතාවල සැළසුම්වල ප්‍රගතියක් තිබිය යුතුය.ඔස්ට්‍රේලියානු අර්බූදකාරි සංචාරයෙන් පසුව පැමිණ ලෝක කුසලානය දිනූ 96 කණ්ඩායම මෙන් එකමුතු විය යුතුය.බැරි නැත.අද හොඳ නැම්මක් අනිත් පැත්තට ගන්න සනත්මෙඟ පෙන්වීමට සහ දසුන්ගේ නායකත්වයට හැකි වේනම් සිහින සැබෑ කර ගැනීමට අපහසු නොවනු ඇත.


