නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

0
696

සටහන – රුවන් නෙළුගොල්ල

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වූ නීතීඥ ජගත් ලියනාරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය දෙසැම්බර් 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකර ඇති බව සඳහන්.

පෞද්ගලික හේතුවක් මත අදාළ තනතුරින් ඉල්ලා අස්වන බව ජගත් ලියනාරච්චි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇති බවත් වාර්තා විය.

නීතීඥ ජගත් ලියනාරච්චි මහතා යනු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත සම්බන්ධයෙන් මෙරට ඉහළම දැනුමක් ඇති පුද්ගලයින් කිහිපදෙනා අතරින් අයෙකු වේ.