රොනල්ඩ් පෙරේරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙස වැඩ භාර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙස කීර්තිමත් නීතීඥයෙකු මෙන්ම ජනාධිපති නීතීඥයෙකු වන රොනල්ඩ් පෙරේරා මහතා අද වැඩ භාර ගත්තේය.

ඔහු මෙම පත්වීමට පෙර 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා ලංකා බැංකුවේ සභාපති ධුරය හෙබවීය. ඔහුගේ සේවා කාලය තුළදී ලංකා බැංකුව මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන තරඟකරුවකු ලෙස හැඩගැස්වීමට ඔහු මූලික වී ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකින් නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා මහතා උණුසුම් ලෙස පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...