නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ දී හ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවති පිරිමි තරගයේදී ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක් හිමි වුණා.තරගයේ මුල් භාගයේ දී පළමු ගෝලය ලබා ගත්තේ හ්‍රී ලංකාවයි.එය මොහොමඩ් කුර්ෂිත් විසින් වාර්තා කරනු ලැබුවා.වැඩි පීඩනය නේපාලය මත පැටවී තිබියදී තරගයේ පළමු භාගය නිමාවේ ආසන්නයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැඩි ආරක්ෂාවක් පතමින් පන්දුව ඔවුන්ගේ පාලනයේ තබා ගනිමින් නේපාලයෙන් සඟවා සිටින්නට කළ උත්සාහයේදී සිඳු වූ සුළු දෝෂයකින් පළමු අර්ධය නිමා වන්නට පෙර නේපාලය ගෝල තත්ත්වය 1-1 ක් ලෙස සම කරනු ලැබුවා.


දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව යම් ආකාරයක විශ්වාසය බිඳ වැටීමකින් ක්‍රීඩා කරන බවක් පෙණුනේ පන්දු පාලනයේ දීයම් යම් වැරදි අතපසුවීම් සිඳු වූ නිසයි.මේ තත්ත්වය යටතේ නේපාලය තවත් ගෝලයක් ශ්‍රී ලංකාවෙන් සොරා ගෙන 2-1 ක් ලෙස පෙරමුණට ගියා.එහෙත් තරගය පුරාවටම නේපාලය අභිබවා යාමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව දකින්නට ලැබුණත්,එ් ගැන ශ්‍රී ලංකාවට විශ්වාසයක් තිබුණේ ද යන්න සැක සහිතයි.
අවසාන තත්පර කිහිපයේදී ශ්‍රී ලංකාව සිය මුළු බර තරගයට දමමින් පන්දුව තායිලන්ත දැලට එල්ල කරන්නට විශාල උත්සාහයක් ගත් අතර එය ගෝලයක් නොවුනත් නේපාලයට එරෙහිව කළ හැකි දක්ෂතාවය කදිමට ප්‍රදර්ශනය කිරීමක් ලෙස හැඳින්විය හැකියි.ඒ මොහොත සැරසෙන අවස්ථාවේදීම කියවා ගත් තායිලන්ත ක්‍රීඩකයන් තමන්ගේ දැල රැක ගැනීම වෙනුවෙන් කදවුරු බැඳ සන්නද්ධව ආරක්ෂාව තර කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රහාරයන් වළක්වා ගන්නට කටයුතු කළා.එසේ නොවන්නට තරගය 2-2 ක් ලෙස නිමා වෙන්නට ඉඩ තිබුණ අතර පෙරහැරෙන් පසු නැටුමට සූදානම් නොවී තරගය ඇතුළත මේ උනන්දුවෙන් ආක්‍රමණිකව ක්‍රීඩා කළේනම් නේපාලයට අභිබවා යාමටද ශ්‍රී ලංකාවට හැකියාව තිබුණා.


ඡායාරූපයේ දැක්වෙන්නේ අංක 10 මොහොමඩ් කුර්ෂිත් ගෝලය ලබා ගැනීමෙන් පසුව උද්දාමයට පත් වූ අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...