රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW :
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා තායිලන්ත රජය රුපියල් මිලියන 10.2ක මුදල් ආධාරයක් ලබාදී ඇත.
ඊයේ (16) සවස මෙම ආධාර මුදල තායිලන්ත තානාපතිවරයා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට පැවැති හමුවකදී භාරදෙන ලදී.
මෙම සහාය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළ සඳහන් වේ.


