අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන – රුවන් නෙළුගොල්ල

අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ තරුණයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙම තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි සැක කරන බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ නාරම්මල, මැටියගනේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පෙර වැරදි කිහිපයක් ඇති අයෙකු බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.