විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “හුස්ම” වැඩසටහන යටතේ කිතුල්ගල මූලික රෝහලට රු. ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ඊයේ (18) සිදුකෙරිණි.

එහිදී එම රෝහලට අවශ්‍යව තිබූ ගැබිණි මව්වරුන් ස්කෑන් කිරීම සඳහා යොදාගන්නා CTG Machine 1ක්, අලුත උපන් බිළිඳුන් සඳහා වන Baby Warmer 1ක් හා Patient Monitor 2ක් පරිත්‍යාග කරන ලදී.

තමා රෝහල්වලට උපකරණ ලබා දෙන්නෙ ගිලන් ජනතාව සුවපත් කර ඔවුන්ගේ මුහුණට සිනවහක් දිමට බවත් මෙතෙක් කලක් දේශපාලනඥයින් රටට වැඩක් කළේ ආණ්ඩු බලය ඇතිව වුවත් පළමු වතාවට තමා විපක්ෂයේ සිට රටට අගයක් එකතු කරන බවත් මේ සියල්ල කරන්නේ ජනතාවගේ ආයු කාලය වර්ධනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ 1 සහ 6 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිවක් විරුද්ධ නොවු බවත් විරුද්ධ වුයේ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් ය.

විහිලුකාර ජවනිකා ගණනාවක් රජයෙන් සිදුවන බවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ විධිමත් සාකච්ඡාවකින් තොරව අවිධිමත්ව බවත් නිසි සාකච්ඡාවකින් තොරව එය සිදුවන බවත් Green paper, White paper වෙනුවට power point presentation එකක් පමණක් ඇති බවත් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ විය යුතු කියා විපක්ෂය සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට වත්මන් රජය සිනා සුනු බවත් ඉංග්‍රීසි භාෂා චීන ජපන් හින්දි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන කියද්දි ආණ්ඩුවේ මැති ඇමතිවරු පහර පිට පහර ගැසු බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විපක්ෂය කිසිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැති බවත් විරුද්ධ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට බවත් මේ විෂය නිර්දේශ සකස් කරන්න විශාල වැඩකොටසක් ඇති මුත් ඒ කිසිවක් අද නොවි ඇති බවත් ඒ නිසා අඩුපාඩු රැසක් ඇති බවත් හරියට අඩුපාඩු හැදුවා නම් මේ අසභ්‍ය දේවල් අන්තර්ගත නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...