සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම සර්වඥ ධාතු වන්දනා කටයුතු රාජ්‍ය අනුග්‍රය සහිතව සංවිධානය කිරීමට අදාළ මූලික කරුණු සොයා බැලීමට සහ එම පරිශ්‍රය නිරීක්ෂණයට අමාත්‍යවරයා ඊයේ (18) කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය එළැඹෙන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ මූලික වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

“ඉන්දියාවෙන් වැඩම කරන සර්වඥ ධාතු මේ රටේ ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාවක් උදා කරදීමට පෙබරවාරි 04 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා වැඩ කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණිමත් සමග එතුමාගේ පැත්තෙන්ම මේ අදහස් ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙම ජනාධිපතිතුමා අපේ රටේ ජනතාවට මේ සර්වඥ ධාතු වන්දනා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රතිචාරයක් දක්වමින් අපේ රටේ ජනතාවට මේ සර්වඥ ධාතු වන්දනා කිරීමට අවස්ථාවක් සැලසෙනවා. ඒ අනුව නිදහස් දිනය අවසන් වූ වහාම මේ ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. එය දින 7ක් පවත්වන්න තමයි දැනට සැලසුම් කරලා තිබෙන්නේ. අපි හිතනවා මෙය අපේ රටේ ජනතාවට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් පස්සේ අපේ රටට මේ ආශිර්වාදයත් වැදගත්. ඒ සියලු කරුණු සලකා බලලා මේ අවස්ථාව සංවිධානය වෙනවා. මේ සම්බන්ධව සාකච්ඡාවක් 21 වැනිදා ජනාධිපතිවරයා කැඳවලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය