කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වී ඇති මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් කේතයක් සටහන්ව තිබීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත 6 වන ශ්‍රේණිය සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 දක්වා කල්දමා තිබේ.
අදාළ විෂය නිර්දේශයන් යළි සමාලෝචනයට ලක්කර අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.
කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිලෙසකින්වත් හකුළා ගැනීමක් සිදුව නොමැති අතර අඩියක් නොව අගල් භාගයක් හෝ පස්සට ගෙන නොමැති බව ඇය අවධාරණය කර තිබේ.


