ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට ශ්‍රී ලංකාවේ ගාල්ල නම් කිරි­මට ලෝක ප්‍රකට Tripadvisor වෙබ් අඩ­විය පිය­වර ගෙන තිබේ.

මධු­ස­මය ගත කිරී­මට විවා­හක යුවළ විසින් තෝරා ගන්නා ලද ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් වස­රක කාල­යක් දත්ත රැස්කර ගෝලීය පිළි­ගැ­නී­මක් සහි­තව Tripadvisor වෙබ් අඩ­විය විසින් මේ ශ්‍රේණි­ගත කිරීම සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගාල්ල ලෝකයේ වඩාත්ම සංකේ­තා­ත්මක ආදර හැඟීම් සහිත ස්ථාන අතර 5 වැනි තැනට Tripadvisor වෙබ් අඩ­විය නම් කර ඇති අතර පෞරා­ණික උරු­මය, චම­ත්කා­රය සහ වෙර­ළ­බඩ සුන්ද­ර­ත්වය අද්වි­තීය මිශ්‍ර­ණය නිසා ගාල්ල එම ඇඟ­යීම හිමි කර ගෙන ඇති බව සඳහන්.

සංචා­රක සමා­ලෝ­චන මඟින් සම්පූ­ර්ණ­යෙන්ම ගෝලීය පිළි­ගැ­නී­මක් සහිත සංචා­රක මඟ පෙන්වීමේ වෙබ් අඩ­වි­යක් ලෙස Tripadvisor ලොව ප්‍රසි­ද්ධි­යට පත්ව සිටියි.

වෙරළ තීර­යන් සහ බුටික් හෝට­ල්වල සිට ආහාර, සංස්කෘ­තිය සහ අම­තක නොවන භූ දර්ශන දක්වා වූ එකි­නෙ­කට වෙනස්ව තමන් ලද අත්දැ­කීම් ගැන අලුත විවාහ වූ යුවළ විසින් තබා ඇති සට­හන් උප­යෝගී කර ගනි­මින් එම සංචා­රක අත්දැ­කී­ම්වල ගුණා­ත්ම­ක­භා­වය සහ ප්‍රමා­ණය සම්බ­න්ධ­යෙන් කළ තක්සේ­රු­වකින් මෙම ශ්‍රේණි­ගත කිරීම් සිදු කර ඇත.

එම වෙබ් අඩ­වියේ ශ්‍රේණි­ගත කිරීම් අනුව හොඳම මධු­ස­මය ගම­නාන්ත අතර පළමු ස්ථානය ලැබී ඇත්තේ ඉන්දු­නී­සි­යාවේ බාලි දූපතටයි.

මොරි­ෂස්මා, මාල­දි­ව­යින, ශාන්ත ලුසියා, දෙක, තුන සහ හත­ර­වැනි ස්ථාන හිමි කර ගෙන ඇත.

6 වැනි ස්ථානය ලෙස විය­ට්නා­මයේ හියු නග­ර­ය නම්කර තිබෙන අතර කැලි­ෆෝ­නි­යාවේ නාපා නිම්නය, පොසි­ටානෝ ඉතා­ලිය, කෙන්යාවේ වටමු සහ ඇන්ටි­ගුවා අනෙ­කුත් ජනාදරයට පත් ගම­නාන්ත ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...