ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

Date:

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතයි.

එමෙන්ම මෙම කණ්ඩායම ලෝකයේ විශිෂ්ඨතම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් වන ඔඩිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහ අසෝක රජුගේ සමයට අයත් බෞද්ධ පුරාවස්තු නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිතය.

මෙම සංචාරය පිළිබද සුහද සාකච්ඡාවක් පසුගියදා ඉන්දියානු මහාකොමසාරිස්තුමාගේ නිල නිවසේදී පැවැත්විණී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...