කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම් (Art Rhizome Gallery ගැලරි හිදී ආරම්භ වී තිබේ.
නදිනි ඩේවිඩ්,රූබට් සොයිසා සහ සීවලී ඉලගසිංහ යන කලාකරුවන් ත්‍රිත්වය විසින් නිර්මාණය කරන ලද චිත්‍ර එම ප්‍රදර්ශනයට එක්කර තිබෙන අතර අද (23) සිට පෙබරවාරි 22 වැනිදා දක්වා එය පැවැත්වෙයි.
31/4, ග්‍රෙගරි පාර, කොළඹ 07 යන ස්ථානයේ මෙම ප්‍රදර්ශනය පාත්වෙන අතර ඕනෑම කෙනෙකුට එහි ගොස් එම නිර්මාණ රසවිදීමේ හැකියාව පවතියි.
රේඛීය ඉතිහායකට වඩා එකතු වූ මතක ගොන්නක් ඔබට එහිදී ගවේෂණය කිරීමේ ඉඩ සලස්වා තිබේ.
නිර්මානකරණයේ පරිකල්පනය කොතෙක්ද යන්න ඔබට මේ අසහාය නිර්මාණකරුවන්ගේ කලා කෘති පසක් කරනු නොඅනුමානයි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න


































































