ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

“2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕන. එනිසා දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. මොකද සේවක සුබ සාධනය, සේවකයෝ වගේම දළදා මාළිගාව තුළින් ඉටුකරන හා ඉටුකළ යුතු කාර්ය භාරයන් ඉටුකරන්න අපට වගකීමක් පැවරිලා තියෙනවා. ඒ දැවැන්ත වගකීමක් මාහට පැවරිලා තියෙනවා”

ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසුවේ පෙරේදා (23) පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...