ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

Date:

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරුවල ප්‍රමිතියේ අඩුවක් තිබෙන නමුත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් පනවන බැවින් එයින් රටට පාඩුවක් සිදුනොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා පැවසුවේ,

“පළවෙනි නැවේ අපගමනයක් තියෙනවා. අපි ඒකට දඩ මුදලක් ගත්තා. ඒ දඩ මුදල මං හිතන්නෙ ඩොලර් මිලියන 2.1ක් විතර වෙනවා. දෙවැනි නැවේ වාර්තා දෙකම ඇවිල්ලා තියෙනවා. ඒ නැවේ දැනට තියෙන විදියට අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. තෙවැනි නැවත ඇවිල්ලා තවම ගොඩබාමින් පවතිනවා. හතරවැනි නැවත් ඇවිල්ලා – කවදාවත් ඉතිහාසයේ වෙච්ච නැති දෙයක් – අපි නැව් දෙකම දැන් ගොඩබාන්න උපදෙස් දීලා තියෙනවා. ඒවායේ කිසිම සාම්පලයක් විද්‍යාත්මකව, නීත්‍යානුකූලව, නිල වශයෙන් මෙතෙක් අරගෙන නැහැ” යනුවෙනි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා එහිදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය – මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නෙ ලංකාවේ ටෙන්ඩරය කැඳෙව්වාට පස්සෙ නේද ?

“නැහැ. මේ සමාගමත් එක්ක සමාගම් 6ක් ලියාපදිංචි කළා. ටෙන්ඩරයට කලින් තමයි. ටෙන්ඩරය ඇතුළතදී කිසිම සමාගමක් ලියාපදිංචි කළේ නැහැ”

ප්‍රශ්නය – ඔවුන් කොයි රටවල්වලටද මීට පෙර ආනයනය කරලා තියෙන්නෙ ?

“ඒගොල්ලො ඉන්දුනීසියාවෙන් සැපයුම් කරලා තියෙනවා මං හිතන්නෙ ඉන්දියාව සහ තවත් මං හිතන්නෙ නේපාලය වගේ කොහෙහරි …”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමන්ලා මේකෙ ලියාපදිංචි කාලය කොච්චරක් වගේ බැලුවාද ?

“ලියාපදිංචි කාලය අවුරුදු තුනකට වඩා වැඩියි. මොකද අවුරුදු තුනක් අවම තියෙන්න ඕනෙ”

ප්‍රශ්නය – දඩ මුදල දැන් මේකෙ දෙගුණයක්නෙ අයකරන්න හදන්නෙ. ඒකෙන් රජයට යම්කිසි පාඩුවක් නැද්ද ? දැන් චම්පික රණවක මහත්තයා කියනවා මේකෙන් දඩ මුදල වගේ දෙගුණයක පාඩුවක් රජයට වෙන්න පුළුවන් කියලා ?

“නැහැ. අපි පිළිගන්නෙ නැහැ ඒක. ඕනෙම පාඩුවක් දරාගන්න පුළුවන් විදියට තමයි දඩ මුදල හැදෙන්නෙ. අපි මේ පළවෙනි නැවට ඩොලර් මිලියන 2.1ක දඩයක් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් නැවක ගල් අඟුරුවල වටිනාකමත් මං හිතන්නෙ ඩොලර් මිලියන 6ක් වගේ. ඒක ලොකු ප්‍රමාණයක දඩ මුදලක්. ඒ කියන්නෙ කවුරුහරි අතින් වරදක් වුණත් ආයෙ ඒ වගේ වරදක් කරන්න හිතන්නෙ නැති ප්‍රමාණයේ දඩ මුදලක් අපි අයකරලා තියෙනවා. රජයට පාඩුවක් නැහැ”

“අපි හිතමු අපට තාප බලාගාරයකින් ඒ අදාළ අඩුවෙන විදුලිය හදන්න ඕනෙ කියලා, එතකොට ඒ මුදල දඩයෙන් ආවරණය වෙන විදියට තමයි ඒ සමීකරණ හදලා තියෙන්නෙ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

සටහන - රුවන් නෙළුගොල්ල කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක්...

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...