තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

Date:

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E – Gate System) ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරිණි.

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය මෙරට පළමු E – Gate පද්ධතිය වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනාකමකින් ඉදිකළ මෙම ගේට්ටු පහසුකම යටතේ බෝවන රෝග හඳුනාගැනීම වැනි පහසුකම් ගණනාවක්ද ඇතුළත්ය.

මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පවති අතර, දැනට මෙම පහසුකම ශ්‍රී ලාංකික මගීන්ට පමණක් විවෘතව ඇත.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිමකර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදාවනු ඇත.

මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් චමින්ද පතිරාජ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය ඇතුළු පිරිසක් එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...