ජාතික මල්ලවපොර ශූරතාවලියේදී කාන්තා සහ පිරිමි සූරතා දෙකම ගුවන් හමුදාවට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW:

2025 වසරේ 83 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය 2026 ජනවාරි 21 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කළේය.

මෙම ජාතික ශූරතාවලිය සඳහා රට පුරා ප්‍රමුඛ කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු තරඟ වදින ලදී. පිරිමි අංශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාවය නැවතත් දිනා ගත් අතර, කාන්තා කණ්ඩායම අඛණ්ඩව 13 වන වරටත් ශූරතාවය දිනා ගනිමින් ලකුණු 51ක් සමඟ සමස්ත ශූරතාවය හිමිකර ගත්තේය.


මෙහිදී වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව සිටින වටිනාම ක්‍රීඩිකාව වන නෙත්මි අහිංසා නියෝජනය කරන වෙල්පල්ල ඉදිමින්න චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය ද රන් පදක්කම් හතරක් සහ රිදී හා ලෝකඩ පදක්කම් ද දිනා ගත්තේය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ 53kg බර පන්තියෙන් තරඟ වැදුන පබා මන්ජරි ද එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක්ය.ඇය එම ක්‍රීඩා සමාජයෙන් වසර හතක් තුළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ සිව්වැන්නිය වන අතර මීට පෙර එම දස්කම කරන්නට චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නෙත්මි‍ අහිoසා,‍ චමෝධ්‍යා කේෂාණි.සහ නිපුනි වාසනා එම දක්ෂතාවය පෙන්වා ඇත.ජයග්‍රාහී ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ද චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සුරංග කුමාර යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකින්නට ලැබීම ද විශේෂ දෙයකි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලවපොර ක්‍රීඩාවේ දීර්ඝකාලීන දක්ෂතාවයන් පැහැදිලිව පිළිබිඹු වූ අතර, තරඟාවලිය අවසානයේ පැවති ත්‍යාග ප්‍රදාන උත්සවය පසුගිය දා (2026.01.23) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී. එම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝ ප්‍රභාත් දිසානායක මහතා, ජාතික මල්ලවපොර සංගමයේ උප සභාපති එයාර් කොමඩෝ එරන්දික ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරින්, ආරාධිත අමුත්තන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...