පහන ළඟයි ආලෝකෙ දුරයි ….

Date:

බුද්ධාගම රාජ්‍යයේ නිල ආගම බවට පත් උනාට පස්සෙ සිංහල බුද්ධාගමෙන් බැටකන සුළු ජාතීන් පොලිස් කාරයා දැක්කමත් බයවෙනවා.. හාමුදුරුවෝ දැක්කමත් බයවෙනවා …

එක අතකට ධර්මය අහෝසිවෙලා බල දේශපාලන උපකරණයක් පමණක් බවට පත්වූ සිවුරක් යනු තවත් නිල ඇඳුමක් විතරක් වෙන්ටත් පුළුවන් …

පාසල් සහ දහම් පාසල්වල වගේම පන්සල්වල පුස්තකාලවල තියෙන දම්ම පදයේ ඇති “වෛරයෙන් වෛරය නොසන් සිඳේ” කියන බුද්ධ වචනය අපි කොයි තරම් නම් කියවලා ඇද්ද.. ඒ බුද්ධ වැකිය නොදන්න කෙනෙක් මේ දූපත ඇතුලේ සමහරවිට නැතුවත් ඇති..

ඒත් බිලියන ගනන් ධනස්කන්දය ගිනිතබමින් සහ රුදිර ගංගාවන් මැද්දෙ ජීවිත දහස් ගානන් බිලිගනිමින් අපි වසර සිය ගනනක් තිස්සෙ ආගමේ නාමයෙන් වෛරයෙන් ඇවිලුනා මිසක් සංසිඳුනේ කවද්ද..

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ බටහිර ජාතීන් විසින් ජපානයට යුධ වන්දි ගෙවන්ට නියම කරලා තිබ්බ එක අවස්තාවක ලංකාවේ එක දේශපානඥ්ඥයෙක් එක්සත් ජාතීන්ගේ සංගමය ආමන්ත්‍රණය කරලා මේ “නහී වේරේන වේරානී” කියන බුද්ධ වචනය පැහැදිලි කලා…. සියවස් ගානක් අපිට නොතේරුන ඒ බුද්ධ වචනය එදා දියුණු යූරෝපීය ජාතීන්ට වැටහුනා… (ලංකාවෙන් එදා ගිය ඒ දේශපාලනඥයාත් ඒ ධර්මයෙ පිහිටලා හිටියද නැද්ද කියලා මම දන්නෙ නෑ) යුරෝපීයයන් එදා ජපානයට සමාව දුන්නා ..යුධ වන්දි ගෙවීම අහෝසි උනා… ජපානය නැවත සංවර්දිත රටක් බවට පත් උනා..

අපි තාමත් ලවුස්පීකර් ගස් බැඳලා ආගම බෙරිහන් දෙනවා…හැම හන්දියකම ණයවෙලා හරි බුදුපිළිම හදනවා.. මේ ධර්මය නෙමේ මේ ගොත්‍ර බලය සලකුණු කිරීමක්…
ධර්මයේ සැබෑ අන්තර්ගතය අපිට වඩා තවත් කල්පයක් ඈතින් තියෙන්නෙ..

ධර්මය අතුරුදන් වූ ආගමක මහා ස්තූප, මන්දිර ගොඩනැගිලි සහ කෝටි ගනන් වියඳම් කරන තේජාන්විත සාටෝප සංකෘතිකාංග පවා රට තවතවත් අගාදයකට ඇදගෙන යන බලදේශපාලන උපකරණම පමණකැයි මට සිතේ.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...