ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා වූ ජංගම ගිණුමේ ඉහ­ළම අති­රි­ක්තය පසු­ගිය 2025 වසරේ වාර්තා කර ඇති බව පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ අධ්‍යක්ෂ මහා­චාර්ය වසන්ත අතු­කෝ­රළ පවසයි.

එය ශ්‍රී ලංකා ආර්ථි­කයේ නව සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කිරී­මක් බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

වසර 1977 පසුව 2023 දක්වා කාලය තුළ අඛ­ණ්ඩව ජංගම ගිණුමේ හිඟ­යක් පැවති අතර, එය මුළු­ම­නින්ම වෙන­ස­කට භාජන වෙමින් වසර 2023/2025 කාලය තුළ මෙරට ජංගම ගිණුමේ අති­රි­ක්ත­යක් වාර්තා­ කර ඇත.

”සාමා­න්‍ය­යෙන් රටක් ලෝකයේ සෙසු රාජ්‍ය­යන් සමඟ සිදු­ක­රනු ලබන සිය­ලුම ගනු­දෙනු ඇතු­ළත් ලේඛ­නය ගෙවුම් ශේෂ ලේඛ­නය ලෙස හඳු­න්වනු ලබන අතර, එහි පව­තින ප්‍රධාන ගිණුම් තුන අත­රින් වඩාත්ම වැද­ගත් වන්නේ ජංගම ගිණු­මයි. ශ්‍රී ලංකාවේ නිද­හ­සින් පසු ආර්ථික ඉති­හා­සය දෙස බලන විට පෙනී යන්නේ, අප දිගු කාල­යක් පුරා ගමන් කර ඇත්තේ මෙම ජංගම ගිණුමේ පව­තින විශාල හිඟ­යක් ද සම­ඟයි. 1950 වසරේ සිට 2023 දක්වා වූ වසර 73ක කාලය තුළ ශ්‍රී ලංකා­වට ජංගම ගිණුමේ අති­රි­ක්ත­යක් පෙන්වී­මට හැකි වී ඇත්තේ වසර හත­කදී පමණි. 1950, 1951, 1954, 1955, 1956, 1965 සහ 1977 යන වස­ර­ව­ලදී පම­ණක් මෙලෙස සුළු අති­රි­ක්ත­යන් වාර්තා වනවා. 1977 වස­රෙන් පසුව 2023 දක්වා කාලය තුළ අඛ­ණ්ඩව ජංගම ගිණුමේ හිඟ­යක් පැවති අතර, එය කාල­යත් සමඟ වර්ධ­නය වුණා. නිද­සු­නක් ලෙස 2008 වස­රේදී ඩොලර් බිලි­යන 3.8ක් වූ මෙම හිඟය, 2011 වන විට ඩොලර් බිලි­යන 4.6ක් දක්වා ඉහළ ගිය අතර 2021 වස­රේදී එය ඩොලර් බිලි­යන 3.2ක් ලෙස වාර්තා වනවා. මෙම පසු­ගාමී තත්වය වෙනස් කර­මින් 2023 වස­රේදී ඩොලර් මිලි­යන 1439ක අති­රි­ක්ත­යක් වාර්තා කිරී­මට ශ්‍රී ලංකාව සමත් විය. 2024 වස­රේදී ද ඩොලර් මිලි­යන 125ක අති­රි­ක්ත­යක් වාර්තා වූ අතර, ලංකා ඉති­හා­සයේ නිද­හ­සින් පසු වාර්තා වූ වැඩිම ජංගම ගිණුම් අති­රි­ක්තය 2025 වර්ෂ­යේදී වාර්තා වී තිබෙනවා. එය ඩොලර් මිලි­යන 1733ක් හෙවත් බිලි­යන 1.7ක් පමණ වේ. මෙම සාධ­නීය තත්ව­යට ප්‍රධා­න­තම හේතුව වී ඇත්තේ භාණ්ඩ අප­න­යන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධ­න­යයි.”

ආර්ථිකමය වාසිය

2025 වස­රේදී භාණ්ඩ අප­න­ය­න­යෙන් පම­ණක් ඩොලර් බිලි­යන 13.5ක් උපයා ඇති අතර, එය මීට පෙර 2022 වසරේ වාර්තා වූ ඉහ­ළම ආදා­යම වූ ඩොලර් බිලි­යන 13.1 ද අභිබවා යෑමකි.

ආර්ථික විද්‍යා­ත්ම­කව බලන විට රට­කට ජංගම ගිණුමේ අති­රි­ක්ත­යක් පවත්වා ගැනීම අති­ශය වැද­ගත් වන අතර මීට පෙර මෙම ගිණුමේ පැවති හිඟය පියවා ගැනීම සඳහා විදේශ රට­ව­ලින් ඉහළ පොළි­යට ණය ලබා­ගැ­නී­මට සිදු විය. එය රටේ ණය බර වේග­යෙන් ඉහළ ගොස් ආර්ථික අර්බු­ද­යක් නිර්මා­ණය වීමට ප්‍රධාන හේතු­වක් විය. ජංගම ගිණුමේ අති­රි­ක්ත­යක් පව­තින විට, විදේ­ශ­ය­න්ගෙන් ණය ගැනීමේ අව­ශ්‍ය­තාව මතු නොවන අතර ලෝකය සමඟ ගනු­දෙනු කිරීමේදී රටට වාසි­දා­යක තත්ව­යක් නිර්මා­ණය වෙයි.

පැරණි ණය ගෙවීමේ හැකි­යාව වර්ධ­නය වීමක් දැකගත හැකි අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ඉහළ යාමද සිදුවෙයි. මෙමගින් රුපි­යලේ අගය ස්ථාව­රව පවත්වා ගැනී­මටද හැකිවෙයි. අනෙක් අතටඅත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය ආන­ය­නය සඳහා ප්‍රමා­ණ­වත් මුදල් රට සතුව පැවතීම විශේෂ ජයග්‍රහණයකි.

දැනට සකස් වී ඇති මෙම මූලික අඩි­තා­ලම මත ඉදිරි වසර කිහි­පය තුළ මෙම අති­රි­ක්තය තව­දු­ර­ටත් වර්ධ­නය කර­ගත යුතුව ඇති අතර රජයේ ඉල­ක්කය වී ඇත්තේ ඉදිරි වසර 4-5ක කාලය තුළ මෙම අති­රි­ක්තය ඩොලර් බිලි­යන 5ක් දක්වා ඉහළ නැංවී­මයි.

ඒ සඳහා අප­න­යන වර්ධ­නය කිරීම, සංචා­රක ආදා­යම් වැඩි කිරීම සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම තව­දු­ර­ටත් දිරි­මත් කිරීම අත්‍ය­වශ්‍ය වන්නකි.

ඒ අනුව මෙවැනි ශක්ති­මත් ආර්ථික පරි­ස­ර­යක් ගොඩ­නැ­ඟීම තුළින් ශ්‍රී ලංකා­වට ලෝකයේ අනෙ­කුත් රට­වල් සමඟ තර­ග­කා­රීව ඉදි­රි­යට යාමේ හැකි­යාව උදා වන අව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...