ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW:

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකුගේ යැයි සඳහන් කරන බැංකු ගිණුම් අංකයක් ද සමඟ,තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන බව සඳහන් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුළ සහ වට්සැප් සමූහ තුළ සංසරණය වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරනවා. එලෙස කිසිදු විදෙස් රැකියා ලබා දීමක් සිදු නොකරන අතර, මුදල් එකතු කිරීමක් ද සිදු නොකරව බවත්. එම සංසරණය වන ව්‍යාජ පුවත්වලට සබැඳි ගිණුම් සඳහා මුදල් යොමු නොකරන ලෙසත්, මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍යාංශයේ ලෙස අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ එය අමාත්‍යංශයේ නම අවභාවිතා කරමින් කුමන හෝ ජාවාරම්කාර පාර්ශවයක් විසින් සිදු කරගෙන යන කූඨ ව්‍යාපාරයක් බවයි, එයට අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද එම නිවේදනයෙන් අවධාරණය කර සිටිනවා

එම නිවේදනයේ යළි යළිත් අවධාරණය කරමින් කියා සිටින්නේ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස මෙම වංචාකාරී ක්‍රියාව වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් ජනතාවගෙන් සහ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිමු.
මීට පෙර ද ජීවන් කුමාරතුංග ක්‍රීඩා අමාත්‍යවරයාව සිටින අවධියේ ද මෙවැනිම විදේශ ගත කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලිපි ශිර්ෂ පවා යොදාගෙන වංචනික ක්‍රියාවක් සිඳු වී තිබෙන බව ද වත්මන් අමාත්‍යංශ නිලධාරීන්ට අප සිහිපත් කර සිටින්නේ මෙම පරීක්ෂණවලට එම පරීක්ෂණ කටයුතු සිඳු වූ ගමන් මඟෙන් යම් සහයක් ලබා ගැනීමට ඉඩ ඇති බවට වන විශ්වාසයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...