සටහන – රුවන් නෙළුගොල්ල
නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (5) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති සහ විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇය මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදීම සිදුවිය.
සමුදිකා ජයරත්න මහත්මිය මෙරට 42 වැනි විගණකාධිපති වන අතර ඇය එම ධුරයට පත්වූ ප්‍රථම කාන්තාව ද වේ.




